" විවාහය ගැන කිවුවොත් ගැලපුනේ නැ මම අතඇරියා එච්චරයි..මගේ ළමයි දෙන්න එක්ක මාව භාර ගන්න boyfriend කැමති..මම හොද කෙනෙකුත් නෙමේ..මම ඒක පිළිගන්නවා" සුරෑපී නිළි මේධා ජයරත්න සියල්ල හෙළි කරයි...(PHOTOS)

By Sewvandhi Feb 09, 2022 05:28 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අවුරුදු 40ක් පැනලත් මේධා කොහොමද මේ තරම් ලස්සනට ෆිගර් එක මෙන්ටන් මේන්ටේන් කරන්නෙ? ලස්සන කියන දේ එන්න ඕනි හිත ඇතුළෙන් කියලා මම විශ්වාස කරනවා. මම ගුණදායි දේ කනවා, ජිම් යනවා. අනික මම කාටවත් වැරදි කරන්න හිතන් නෑ. මම හිතන්නෙ ඒකත් බලපානවා ඇති ලස්සන වෙන්න.

ජීවිතේ වැරදිච්ච තැනක් හදාගන්න හම්බුණොත්, කොතනද හදාගන්නෙ? මම කොහොමත් වෙච්ච දේවල් ගැන පසුතැවෙන කෙනෙක් නෙවෙයි. මම වැරදුනු තැන්වල ඉඳන් පටන් ගන්න කෙනෙක්. සමහර දේවල් අතෑරිය එක ගැන දුකක් නෑ.

විවාහය වුණත් අතඇරිය එක ගැන දුකක් නෑ ? විවාහයේ නොගැළපෙන තැන් තිබුණා. සමහර අවස්ථාවලදී අපිට දැනෙනවා ඒක.. මම ඉතින් අතෑරියා එච්චරයි...

ඇත්තටම හොයනවද එයා ගැන ? (දික්කසාද සැමියා ගැන.) පසුගිය දවස්වල එයාට කොවිඩ් හැදිලා හිටියා. මම ඉතින් කෑම හදලා යැව්වා ගෙදරට. මං දන් නෑ කෑවද නැද්ද කියලා. ඒත් ඉතින් හදලා යැව්වා. දන් නෑ හිතේ තරහක් තියෙනවද නැද්ද කියලා. මට නම් එයා ගැන තරහක් නෑ...

මේධා දරුවෝ ගැන හිතනවද ? දරුවෝ හම්බෙනවා නිතරම. ඊයෙත් හම්බුණා. මම එයාලා ගැන හිතනවා. මගේ ළඟට දරුවෝ දෙන්නා එව්වා නම් අනේ මම බලාගන්නවා.

පුතයි දුවයි ඇයි ඔයා ළඟට නෑවිත් තාත්තා ළඟට ගියේ ? මම උසාවියෙනුත් ඒ දෙන්නා ඉල්ලලා හිටියා. දරුවෝ ඉතින් දැන් ලොකුයි. උසාවියෙන් අහනවා කා එක්කද ඉන්න කැමති කියලා. ඒකත් ඉතින් දරුවන්ගේ ඔලුවට විශබීජ වැටිලා තිබුණ නිසා, මම එයාලව දුන්නා. හැබැයි ජීවිතෙන් අතෑරලා නෑ.

දරුවොත් නැතුව තනිකඩව ඉන්නවා කියන එකත් නිදහසක් නේද..? නෑ මේක නිදහසක් නෙවෙයි. දරුවෝ ළඟ නෑ කියන්නෙ අම්මා කෙනෙකුට ඒ තරම් දුකක් නෑ.

රඟපෑමෙන්මද ජීවත් වෙන්නෙ ? මට බෝයි කෙනෙක් ඉන්නවා. මම රඟපාන්නෙ ආසාවට. රඟපෑවත් නැතත්, එයාට මාව බලාගන්න පුළුවන්. එයා දරුවෝ දෙන්නත් එක්කම මාව භාරගන්න කැමතියි.

මේධා ළඟදීම විවාහ වෙයි ? එක වෙලාවකට හිතෙනවා, විවාහයට නොගිහින් මෙහෙම ඉන්න එක හොදයි කියලා. දෙන්නෙක් විවාහ වෙන්නම ඕනි නෑනේ. විවාහ නොවුණා කියලා බැඳිම් නැති වෙන් නෑ. මම ඒ ගැන උපදෙස් දෙන් නෑ කාටවත්. මිනිස්සු කරන දේවල් විවේචනය කරන්නෙත් නෑ.

ඔයාට දැනෙන දේ වෙනයි, මට දැනෙන දේ වෙනයි. මට හොඳයි නම් මම කරනවා. මම හැමතිස්සෙම හරි නෑ. මගේ වැරැද්ද මම පිළිගන්නවා. මම හොඳ කෙනෙකුත් නෙවෙයි. මම එහෙම උත්සාහ කරන්නෙත් නෑ. මම ගත්ත තීරණ ගැන මම පසුතැවෙන් නෑ.


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now


GalleryGalleryGallery
ReeCha