මගේ පුතානම් කැමති අම්මා කෑල්ල වගේ ඉන්නවාට, බිරිඳ ලස්සන නැති වුනාම හස්බන්ඩ් පිට යන එක සාමන්‍යයි-මේදා ජයරත්න (PHOTOS )

Gossip Today SL Actress Gossips
By Sithumi Feb 24, 2023 05:59 PM GMT
Sithumi

Sithumi

Report

 අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මේදා ජයරත්න කියලා කියන්නේ. ඒ වගේම ඇය දැන් විවාහ වෙලා කාටත් ආදර්ශයක් සපයමින් ආදරණීය සැමියයි දරුවන් දෙන්නයි එක්ක ආදරණීය සුන්දර විවාහ ජීවිතයක් ගත කරන බව කාටත් රහසක් නම් නෙවෙයි.

ඉතින් ඇය පහුගිය දවසක යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇය මවක් වීම ගැන ඇයට දැනෙන හැඟීම ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය විවාහ වුනේ ඇයට වයස අවුරුදු 24දී කියලයි ඇය කියන්නේ. ඒ වගේම අම්මා කියන හැඟීම ඇයට හරියටම දැනෙන්න ගත්තේ දරුවාව අතට ගත්තට පස්සේ කියලත් ඇය කියනවා.

හැබැයි දරුවා කුසට ආපු දවසේ ඉදන්ම ඇය ගොඩක් පරිස්සම් වුනාලු. ඒ වගේම ඇයට ලොකු බයක් තිබුණාලු සාමාන්‍ය විදිහට දරුවාව බිහි කරන්න. ඒ නිසාම ඇය ඇයගේ වෛද්‍යවාරයත් එක්ක කලින් ඉදන්ම කතා කරගෙන හිටියේ සිසේරියන් සැත්කමින් දරුවාව මේ ලෝකෙට බිහි කරන්න කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඇයගේ ලොකු පුතා හම්බවෙද්දී ඇයට ගොඩක් අමාරු වුණා කියලත් මේදා කියනවා.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery