බහුතරයක් වයස අවුරුදු 20 -30 අතර අය. - ලංකාවේ සරම්ප ගැන අනතුරු ඇඟවීමක්. - දිනයන්.. වේලාවන් සහ දුරකතන අංකත් හඳුන්වා දෙයි.

By Wayomi Nov 03, 2024 05:03 AM GMT
Report

වසංගත රෝග තත්ත්වයන් සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් විවෘත කර බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මෙරටින් තුරන් කළ සරම්ප රෝගය නැවත ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් එම ඒකකය විවෘත කර ඇති අතර එම ඒකකය පෙරවරු 07.00 සිට පස්වරු 06.00 දක්වා ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව මේ හරහා ජනතාවට සරම්ප, රුබෙල්ලා ඇතුළු වසංගත රෝග පිළිබද තොරතුරු විමසිය හැකි බව එම අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මේ පිළිබඳ 0117446513,0117682722,0117682872 හෝ 0117682662 දුරකතන අංක ඔස්සේ ඒ පිළිබඳ තොරතුරු විමසිය හැකිය.

පළමු අයවැයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන විදිහ ගැන ජනපතිගෙන ප්‍රකාශයක්.

පළමු අයවැයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන විදිහ ගැන ජනපතිගෙන ප්‍රකාශයක්.

එක් සරම්ප රෝගියෙකුගෙන් පුද්ගලයින් 18 දෙනෙකුට සරම්ප බෝවීමට ඉඩ ඇති බවට හඳුනා ගෙන ඇති අතර සරම්ප එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් පුද්ගලයින් ඇත්නම් වහාම එන්නත් ලබා ගත යුතුය.

ඒ සඳහා ලබන සඳුදා (04) සිට ලබන සෙනසුරාදා (09) දක්වා විශේෂ සරම්ප සහ රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ගතවූ මාස 17 තුළ මෙරටින් සරම්ප රෝගීන් 1100 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ හසිත තිසේරා මහතා පවසනවා.

ඔහු කියා සිටියේ,රෝගීන්ගෙන් බහුතරයක් වයස අවුරුදු 20ත්30 අතර පුද්ගලයන් බවත්, සරම්ප රෝගය හේතුවෙන් නියුමෝනියාව,බිහිරිබාවය,අන්ධ භාවය ,නොමේරු ළදරු උපත් සහ මළ දරු උපත් පවා සිදුවිය හැකි බවත්ය.  

සති අන්තය වන විට ඉන්ධන් මිලෙහි විශාල වෙනසක්. - එක්වරම වැඩිවෙයි.

සති අන්තය වන විට ඉන්ධන් මිලෙහි විශාල වෙනසක්. - එක්වරම වැඩිවෙයි.