හෙට ප්‍රධාන දේශපාලන පක්ෂවල මැයි දින සැමරුම් ස්ථානවල් මෙන්න!

Sri Lanka Politician May Day Sri Lankan political crisis Sinhala news
By Shehan Apr 30, 2025 02:50 PM GMT
Shehan

Shehan

Report

හෙට (මැයි 01) යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා සියලුම දේශපාලන පක්ෂ මේ වන විට සූදානමින් පසුවෙති.

ජාතික ජන බලවේගය ඔවුන්ගේ මැයි දින රැළිය ගාලු මුවදොර පිටියේදී පවත්වා ඇත.

මැයි 02 දා වෙන්න යන්නේ කුමක්ද ? සිදුවන 9 වැනි යුද්ධය... ආරංචි රැසක් මෙන්න...

මැයි 02 දා වෙන්න යන්නේ කුමක්ද ? සිදුවන 9 වැනි යුද්ධය... ආරංචි රැසක් මෙන්න...

"රට ගොඩනගන ජනශක්තිය එක්වන මැයි රැළිය" යන තේමාව යටතේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මේ සඳහා සියලු සූදානම් කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.

අපි වැටුප් ගන්නේ නෑ කියලා කොහෙවත් කියල නෑ! : මාලිමා පච දික්වේ..

අපි වැටුප් ගන්නේ නෑ කියලා කොහෙවත් කියල නෑ! : මාලිමා පච දික්වේ..

සමගි ජන බලවේගය ප්‍රමුඛ සන්ධානයේ මැයි දින රැළිය, එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් තලවකැළේ ළිදුල නගර සභා භූමියේදී පැවැත්වීමට නියමිතය.

"කම්කරු බලයෙන් රට ජයගනිමු" යන තේමාව යටතේ මෙම රැළිය සංවිධානය කර ඇති බව සමගි ජන බලවේගයේ නුවර එළිය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක අශෝක සේපාල මහතා සඳහන් කළේය.

"රැවටිලි බලා සිටීම ඇති, දැන් නැගිටිමු" යන තේමාව යටතේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වෙන බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

WhatsApp නැතිවෙයිද?

WhatsApp නැතිවෙයිද?

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණේ මැයි දින උත්සවය, පක්ෂ මුලස්ථානයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව එම පක්ෂයේ වෘත්තීය සමිති සම්බන්ධීකාරක ප්‍රසන්න කලුතරගේ මහතා ප්‍රකාශ කළේය. "කම්කරුවා ව්‍යවසායකත්වය වෙත" යන තේමාව යටතේ, සර්ව ජන බල පක්ෂයේ මැයි දින රැළිය, වරකාපොළ සතිපොළ භූමියේදී උදෑසන 10:30ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම රැළිය පක්ෂ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින රැළිය, කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා සඳහන් කළේය.

හෙට පැවැත්වෙන මැයි දින පෙළපාළි හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇත.

ලාෆ්ස් ගෑස් මිලට වෙච්චදේ!

ලාෆ්ස් ගෑස් මිලට වෙච්චදේ!

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ, මැයි දින පෙළපාළි, රැස්වීම්, සහ සැමරුම් උත්සව සඳහා අවශ්‍ය ආරක්ෂාව, රථවාහන පාලනය, සහ මාර්ග ආරක්ෂාව සැපයීමට අදාළ අංශවලට උපදෙස් ලබාදී ඇති බවයි.

කොළඹ නගරයේ මැයි දින රැළි, පෙළපාළි, සහ සැමරුම් උත්සව ස්ථාන 15කදී පැවැත්වීමට නියමිත බව පොලිස් නිවේදනයක සඳහන් වේ.

මෙම පෙළපාළි සහ රැස්වීම් හේතුවෙන් කොළඹ සහ ඒ ආසන්න ප්‍රදේශවල රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින්, රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කර ගමන් කිරීමට පොලීසිය උපදෙස් ලබාදී ඇත.

පාස්කු ප‍්‍රහාරකයන් ශ‍්‍රී ලංකා බුද්ධි අංශ සමග කිසිදු පණිවුඩයක් හුවමාරු කර නැති බවට ප්‍රකාශයක් (VIDEO)

පාස්කු ප‍්‍රහාරකයන් ශ‍්‍රී ලංකා බුද්ධි අංශ සමග කිසිදු පණිවුඩයක් හුවමාරු කර නැති බවට ප්‍රකාශයක් (VIDEO)

ReeCha