සම්ප්‍රදායිකව 1959 වසරේ සිට පවත්වන ලද මැයි දින රැලිය නොපැවැත්වීමට කියුබානු රජය තීරණය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් කියුබානු කොමියුනිස්ට් රජය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.
එනම්, සෑම වසරකදීම කම්කරු දිනය සැමරීම දහස් සංඛ්‍යාත කියුබානු වැසියන් එරට හවානා නගරයේ "Revolution Square" නැමැති ස්ථානයට එක්රැස් වීම සම්ප්‍රදායකි.
පසුගිය දිනයකදී කියුබානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ එරට ඉන්ධන අවශ්‍යතාවයෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක් පමණක් පවතින බවය.
ගිවිසුම්ගත ලෙස අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා දීමට ඉන්ධන සැපයුම්කරුවන් අපොහොසත් වී ඇති බවද ජනාධිපතිවරයා පවසා තිබේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, පසුගිය සති කිහිපයේ කියුබාවේ ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු රථවාහන පෝළීම් දැකගත හැකි වූ බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |