වසර 7ක් ඇනහිට තිබූ මාවුස්සාගොල්ල ආපදා නිවාස ව්‍යාපෘතියේ වැඩ නැවත ඇරඹයි

By Mithu Sep 13, 2026 06:28 AM GMT
Report

2019 වසරේ ආරම්භ කර අතරමග වැඩ ඇනහිට තිබූ දඹේතැන්න ග්‍රාමනිලධාරි වසමේ මාවුස්සාගොල්ල ආපදා නිවාස ව්‍යාපෘතියේ වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

ඊට අදාළ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) සිදු කෙරිණි.

නායයාමේ අධි අවදානම් කලාපයක් වන දඹේතැන්න මාවුස්සාගොල්ල වතු කොටසේ ජනතාව වෙනුවෙන් මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කළ ද මේ වන තෙක් එහි වැඩ කටයුතු අවසන් වී නොමැති අතර, එම ජනතාව තවමත් ජීවත් වන්නේ අවදානම් සහිත ප්‍රදේශවල ය.

රත්තරන් මිල අඩු වෙනකම්ද ඉන්නේ? මෙන්න එහෙනම් නියම දවස - අඩුවුණ රන්මිල මෙන්න

රත්තරන් මිල අඩු වෙනකම්ද ඉන්නේ? මෙන්න එහෙනම් නියම දවස - අඩුවුණ රන්මිල මෙන්න

පළමු අදියර යටතේ ඉදිකිරීමට යෝජිත නිවාස 65න් නිවාස 34ක අත්තිවාරම් දමා ඇති අතර, නිවාස 24ක වහල තෙක් වැඩ අවසන් කර ඇති අතර නිවාස 7ක වහල සවි කර අවසන් කර තිබේ.

මෙම නිවාස ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සඳහා යුද හමුදා ඉංජිනේරු සේවා බලකායේ දැනුම හා ශ්‍රම දායකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී පැවසීය.

චමින්ද වාස් 'දිල්ලි කැපිටල්ස්' වේග පන්දු පුහුණුකරු ලෙස IPL පිටියට- ඉන්දීය මාධ්‍ය හෙළි කළ දැවැන්ත ආරංචිය

චමින්ද වාස් 'දිල්ලි කැපිටල්ස්' වේග පන්දු පුහුණුකරු ලෙස IPL පිටියට- ඉන්දීය මාධ්‍ය හෙළි කළ දැවැන්ත ආරංචිය

එමෙන්ම අදාළ ප්‍රදේශයට ජලය, විදුලිය සහ මාර්ග ඇතුළු යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස ද ඔහු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.