කෝවිලක අඹ ගෙඩියක් රුපියල් ලක්ෂ 5කට අධික මුදලකට වෙන්දේසි වෙයි
By Mithu
වවුනියාව කෝවිලක අඹ ගෙඩියක් රුපියල් ලක්ෂ 5කට අධික මුදලකට වෙන්දේසි වෙයි වවුනියාව වෙප්පන්කුලම් ප්‍රදේශයේ පිහිටි කෝවිලක පැවති විශේෂ පූජා උත්සවයකදී අඹ ගෙඩියක් රුපියල් ලක්ෂ පහකට අධික මුදලකට වෙන්දේසි වූ බව එම කෝවිලේ පූජකවරු සඳහන් කරති.
වවුනියාව වෙප්පන්කුලම් මානික්ක පිල්ලයාර් කෝවිලේ පැවැති 'මාම් පලම් තීරුවිලා' උත්සවය සඳහා තබන ලද අඹ ගෙඩියක් මෙලෙස විශාල මුදලකට වෙන්දේසි වී තිබේ.
ඒ අනුව අදාළ අඹ ගෙඩිය රුපියල් 5,05,000ක මුදලකට වෙන්දේසි වී ඇති අතර, එය ඉ. මෝහනාදාස් මහතාගේ පවුලේ සාමාජිකයින් විසින් මිලදී ගෙන ඇත.