ජාවා මුහුදේ අතුරුදන් වූ ඉන්දුනීසියානු මගී යාත්‍රාව සොයාගනී - 140ක් තවමත් අතුරුදන්

Report

ඉන්දුනීසියාවට අයත් ජාවා මුහුදු සීමාවේදී අද (13) උදෑසන අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනීමට එරට සෝදිසි සහ ගලවාගැනීමේ කණ්ඩායම් සමත්ව තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම් මගින් මේ වනවිට මගීන් 103 දෙනෙකු මුදවාගැනීමට හැකිව ඇති අතර, අනතුරින් එක් අයෙකු මියගොස් තවත් මගීන් 140 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මධ්‍යම කඳුකරයේ පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි- අධික ශීතලත් එක්ක ආ ඝණ මීදුම නිසා හැටන් පාරේ හදිසි තත්ත්වයක්

මධ්‍යම කඳුකරයේ පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි- අධික ශීතලත් එක්ක ආ ඝණ මීදුම නිසා හැටන් පාරේ හදිසි තත්ත්වයක්

සුරබයා නගරයේ සිට බන්ජර්මාසින් දක්වා ධාවනය වෙමින් තිබූ මෙම යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේදී එහි මගීන් 243 දෙනෙකු ගමන් කරමින් සිට තිබේ.

ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාත්‍රාව සමඟ පැවැති සියලු සන්නිවේදන සබඳතා බිඳවැටීම නිසා බලධාරීන් විසින් මෙම සෝදිසි මෙහෙයුම වහා ආරම්භ කර ඇත.

පළාත් 5කට සහ දිස්ත්‍රික්ක 4කට ප්‍රබල අකුණු අනතුරු පිළිබඳ හදිසි අවවාදයක්

පළාත් 5කට සහ දිස්ත්‍රික්ක 4කට ප්‍රබල අකුණු අනතුරු පිළිබඳ හදිසි අවවාදයක්

අතුරුදන් වූ මගීන් 140 දෙනා සොයා ඉන්දුනීසියානු ගලවාගැනීමේ කණ්ඩායම් විසින් තවදුරටත් පුළුල් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතී.