ඔබත් පොල් වගාකරුවෙක්ද? පොල් ඉඩම්වල ජල සම්පාදනයට රජයෙන් දෙන විශේෂ සහනාධාරය මෙන්න

Report

මේ වනවිට පවතින වියළි කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම සඳහා විශේෂ සහනාධාර වැඩසටහනක් දියත් කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගෙන ඇත පොල් අස්වැන්න වැඩි කර ගැනීමට සහ අස්වැන්න රැක ගැනීමේ අරමුණින් රුපියල් මිලියන 2,500 ක ප්‍රතිපාදන යටතේ මෙම සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කරන බව එහි සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා සදහන් කර ඇත

මෙම සහනාධාර වැඩසටහන තුළින් පොල් වගාකරන ගොවීන් උනන්දු කරවීම, පොල් ඵළදාව වැඩි කරගැනීම සහ පොල් ඉඩම් පුනරුත්ථාපනය කිරීම අරමුණ බවද එතුමා සදහන් කරයි තවද පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ මේ දක්වා පොල් වගාව සඳහා බලපෑමක් එල්ල වී නොමැති බවත් කෙසේ නමුත් ඉදිරියේදී එල්නිනෝ තත්ත්වයේ වර්ධනයක් පැවතියහොත් එය වගාවට බලපෑමක් එල්ල කළ හැකි බවද පෙන්වා දී තිබේ .

කෙසේ වෙතත් පවතින උෂ්ණත්ව කාලගුණික තත්ත්වය සහ ඉදිරියේදී ඇතිවිය හැකි එල්නිනෝ තත්ත්වයේ වර්ධනය සම්බන්ධවද පොල්වගා කිරීමේ මණ්ඩලය අවධානය යොමු කර ඇති බැවින් මේ සම්බන්ධව අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරමින් පවතින බවද සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

   අදාළ සහනාධාර වැඩසටහන යටතේ ගම්පහ, කුරුණෑගල, කුලියාපිටිය, පුත්තලම වැනි දිස්ත්‍රික්කවල පිහිටි පොල් වගාවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බවත් මීට අමතරව අනෙකුත් දිස්ත්‍රික්කවලද පොල් වගාවන් සම්බන්ධවද මෙම සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක වන බවද එතුමා පෙන්වා දී ඇත .

සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා සදහන් කළේ මෙම සහනාධාර ක්‍රමවේදය යටතේ පොල් ඉඩම්වල ජල සම්පාදනය ඉදිකර ගැනීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් බැගින් අක්කර 5ක් දක්වා සහනාධාරය ලබා දෙන බවත් මීට අමතරව ජල සංරක්ෂණය සඳහා එක් පොල් ගසකට රුපියල් 200 බැගින් ලබා දීමට ද පියවර ගන්නා බවයි .

තවද පොල් වගා කිරීමේ මණ්ඩලය යටතේ කප්රුක ණය යෝජනා ක්‍රමය මගින්ද පොල් වගාකරුවන් සඳහා ණය ලබා ගැනීමේ හැකියාව පවතින බවද ඒ මහතා මෙහිදී පෙන්වා දී ඇත

ඒ අනුව පොල් වගාකරුවන් මේ සම්බන්ධව දැනුවත් වෙමින් අදාළ සහනාධාර ලබා ගැනීමට උනන්දු වන ලෙසත් පොල් වගාවන් ආරක්ෂා කර ගනිමින් පොල් අස්වැන්න රැක ගැනීමට කටයුතු කරන ලෙසත් ඒ මහතා පොල් වගාකරුවන් වෙත දැනුම්දීමක්ද සිදු කර ඇත මේ අතර වාර්ෂික පොල් අස්වැන්න මෙම වසරේ මුල් මාස 6 තුළ 24%කින් ඉහළ ගොස් ඇති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් පොල් වගා කිරීමේ මණ්ඩලයේ ව එහි සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා වැඩි දුරටත් සදහන් කර තිබේ 

පළාත් 5කට සහ දිස්ත්‍රික්ක 4කට ප්‍රබල අකුණු අනතුරු පිළිබඳ හදිසි අවවාදයක්

පළාත් 5කට සහ දිස්ත්‍රික්ක 4කට ප්‍රබල අකුණු අනතුරු පිළිබඳ හදිසි අවවාදයක්