බාගෙට වළදැමූ පිරිමි මළසිරුරක් සොයාගනී - හිස කඳින් වෙන්වී තිබිලා
දිවුලපිටිය, කුඩගම්මන ප්‍රදේශයේ පිහිටි වත්තක තිබී බාගෙට වළදමන ලද පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගත් බව දිවුලපිටිය පොලිසිය පවසයි.
ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් අදාළ මළසිරුර දැක දිවුලපිටිය පොලිස් ස්ථානයට දුරකථනයෙන් කළ දැනුම්දීමකට අනුව මෙම සිරුර සොයාගෙන තිබේ.
පොලිස් නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරික්ෂා කිරීමේදී මළසිරුරේ හිස කොටස කඳින් වෙන්වී තිබී ඇති අතර, එම ස්ථානයේ වැටී තිබූ මුදල් නෝට්ටු කිහිපයක් සහ ටොෆි වර්ගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
ඝාතනයට ලක්වූ පුද්ගලයා කවුරුන්ද යන්න සහ සිද්ධියට හේතුව අනාවරණය කරගැනීම සඳහා දිවුලපිටිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.