“නීතිය ක්‍රියාත්මක කරන ආයතන අඩපණ කිරීමේ උත්සාහයක්'' පවතින බව නිරුක්ෂ කුමාරගෙන් දැඩි අනතුරු ඇඟවීමක් [VIDEO]

Report

රටේ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිරුක්ෂ කුමාර සඳහන් කළේ, දේශපාලන වශයෙන් බෙදී සිටින බව පෙන්වමින් ජනතාව ඉදිරියේ ගැටුම් ඇති කරගත්තද, අදාළ කණ්ඩායම් එකම කණ්ඩායමක් ලෙස කටයුතු කරන බවයි.

එමෙන්ම, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට පහරදීම සහ එම ආයතන පිළිබඳව මහජනතාව තුළ පවතින විශ්වාසය නැති කිරීම සඳහා උත්සාහයක් දරමින් සිටින බවද ඔහු පෙන්වා දුන්නේය.

“දැන් රටේ මහජනතාවට පැහැදිලියි, මේ දෙගොල්ලෝ කණ්ඩායම් දෙක තුනක් නෙමෙයි. බෙදිලා බොරුවට ජනතාව ඉස්සරහා ගහමරා ගත්තාට, මෙගොල්ලෝ එක කණ්ඩායමක්. මෙගොල්ලෝ අර පසුගිය දවස්වල අර පොල් මලක් පොළේ ගැහුවා වගේ සීසීකඩ නේ හිටියේ. මොකද මේ රටේ මහජනතාව අරගල කරලා, එළියට බැහැලා ගහලා පැන්නෙව්වා. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණවලින් මෙගොල්ලෝ ජන්ද ප්‍රජාතන්ත්‍රවාදීව එලෙව්වා. මේගොල්ලෝ සීසීකඩ ඇඳන් යටවලට වෙලා හැංගිලා මේ හිටපු කණ්ඩායම් දැන් නැවත වාරයක් කරළියට ඇවිල්ලා තියෙනවා. දැන් කියනවා මේ දේශපාලන පළිගැනීම් හරිද, මේ කියන කරණා කියලා කිය කිය මෙගොල්ලෝ මේ උත්සාහ කරනවා මේ නීතිය ක්‍රියාත්මක කරන තැන්වලට පහර දෙන්න. අපි දැක්කා ප්‍රහාර එල්ල කරමින් ඒවා අඩපණ කරන්න, ඒවා ව්‍යකුල කරන්න, රටේ මහජනතාව තුළ ඒ තියෙන ආයතන පිළිබඳ විශ්වාසය නැති කරන්න. මේක ලොකු උත්සාහයක් ගන්නවා. මේ සියල්ලම කරන්නේ බොහෝම පැහැදිලිව, මේ තියෙන නඩු හබවලින් බොහෝමයක් සැකපිට ඇප පිට ඉන්න කණ්ඩායම් මේවායින් ගැලවෙන්න තමයි මෙගොල්ලෝ කටයුතු කරන්නේ කියන එක බොහෝම පැහැදිලියි.”

බිඳවැටුණු රටක් අතට ගත් හැටි මෙන්න..රු.507ක් වුන ඩීසල් ලීටරය රු.407ට දුන්නා..

බිඳවැටුණු රටක් අතට ගත් හැටි මෙන්න..රු.507ක් වුන ඩීසල් ලීටරය රු.407ට දුන්නා..

පොහොට්ටු රැළිය අනුරාධපුරයේ ඇරඹෙද්දී ජනපතිත් පුලතිසිපුර ගොවීන් සමඟ රැළිය අරඹයි

පොහොට්ටු රැළිය අනුරාධපුරයේ ඇරඹෙද්දී ජනපතිත් පුලතිසිපුර ගොවීන් සමඟ රැළිය අරඹයි