චමින්ද වාස් 'දිල්ලි කැපිටල්ස්' වේග පන්දු පුහුණුකරු ලෙස IPL පිටියට- ඉන්දීය මාධ්‍ය හෙළි කළ දැවැන්ත ආරංචිය
2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරග වාරයට පෙර ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස එක්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍යයක් වන Sportstar වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මෙම පත්වීම සම්බන්ධයෙන් මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැති නමුත්, චමින්ද වාස් දැනටමත් නවදිල්ලියේ පැවැත්වෙන කණ්ඩායමේ පූර්ව සූදානම් කඳවුරට සහ ක්‍රීඩක තේරීම් පරීක්ෂණ සඳහා එක්ව සිටී. 51 හැවිරිදි වාස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 111කට සහ එක්දින තරග 322කට ක්‍රීඩා කරමින් කඩුලු 355ක් සහ 400ක් බැගින් දවාගෙන තිබේ.
1996 ලෝක කුසලානය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ඔහු, ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමෙන් අනතුරුව විවිධ කණ්ඩායම් සමඟ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර ඇත.
මේ අතර, ඉන්දීය හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක අමිත් මිශ්‍රා ද දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස එක්වී ඇති බව Sportstar වාර්තා කරයි. 2027 IPL තරග වාරයට පෙර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව, ඉන්දීය හිටපු නායක සෞරව් ගංගුලි ප්‍රධාන පුහුණුකරු ලෙසත්, යුවරාජ් සිං සහාය පුහුණුකරු ලෙසත් කටයුතු කිරීමට නියමිත බව වාර්තා වේ. කෙසේ වෙතත්, චමින්ද වාස් ඇතුළු මෙම නව පත්වීම් සම්බන්ධයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මෙතෙක් නිල වශයෙන් තහවුරු කිරීමක් සිදුකර නොමැත.