හර්තාල් දිනයේ නගර දෙකක් යා කරමින් මිනිස් දම්වැලක් සාදා සිදු කරන අපූරු විරෝධතාවය..(PHOTOS)
පවතින රජයට එරෙහිව රට පුරා අද (06) දිනයේ දී එය ක්‍රියාත්මක වන හර්තාල් ව්‍යාපාරය අතරතුර විවිධ ආකාරයේ තවත් විරෝධතා දියත් කරන ආකාරයක් දක්නට ලැබෙනවා.
නගර, ප්‍රධාන මං සන්ධි ආදියෙහි ඒකරාශි වන ජනයා පවතින රජයට එරෙහි සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වන අතර මේ හේතුවෙන් දිවයිනේ නගර ගණනාවක මේ වන විටත් දැඩි රථවාහන තදබදයක් ද මතු වී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම දෙවිනුවර නගරයේ සිට මාතර නගරයේ දක්වා දීර්ඝ මිනිස් දම්වැලක් ක්‍රියාත්මක කරන ආකාරයයක් ද මෙම විරෝධතා අතරතුර දක්නට ලැබුනා. මේ සඳහා ද අතිවිශාල පිරිසකගේ සහයෝගය ලැබී තිබුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |