මෙරට බස් රථයක් පෙරලි යාමෙන් විශාල පිරිසක් රෝහල් ගත කෙරේ (PHOTOS)
BUS ACCIDENT
MATHALE
GOLLANHENVATHTHA
SALAGAMA
MHAVELA POLICE
By Sewvandhi
මාතලේ සිට සැලගම දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මාතලේ ගොලැන්හෙන්වත්ත ප්‍රදේශයේ දි මාර්ගයෙන් ඉවතට පැන වෙලකට පෙරළි තිබෙනවා. මෙහිදී පුද්ගලයන් 14 දෙනකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ .
තුවාල ලැබු පිරිස මාතලේ මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් සිද්ධියෙන් තුවාල ලැබු අයගේ තත්ත්වය බරපතල නොවන බවත් පොලිසිය පවසනවා.
පලාපත්වල දෙසට ගමන් කළ වාහනයකට ඉඩ දීමට යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව මුලික පරික්ෂණවලදි අනාවරණය වි තිබෙන්නේ බස් රථයට අලාභානි සිදුව ඇති අතර මහවෙල පොලිසියේ රථවාහන අංශය සිද්ධිය පිළිබදව වැඩිදුර පරික්ෂණ පවත්වනවා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
