කොළඹ නගර සභාවේ ලක්ෂ ගානක ගැහිල්ලක් මාට්ටු
කොළඹ මහ නගර සභාවේ නාගරික කර්මාන්තශාලාවේ නිලධාරීන් සහ සේවකයන් පසුගිය වසරේ නීති විරෝධීව රුපියල් ලක්‍ෂ 8ක් ආසන්න මුදලක් (රු. 779,704) අතිකාල දීමනා ලෙස ලබාගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය විගණන වාර්තාව පවසයි.
විගණන පරීක්ෂණය යටතේ නාගරික කර්මාන්තශාලාවේ නිලධාරීන් සහ සේවකයන්ගේ වැටුප්, අතිකාල දීමනා සහ නිවාඩු දින වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් කළ පරීක්ෂණයේදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව, ඇඟිලි සලකුණු යන්ත්‍ර වාර්තාවට පටහණිව ‘චෙක් රෝල්’ හි පැමිණීමේ දිනයක් ලෙස රුපියල් 393,594 ක්, ඇඟිලි සලකුණු යන්ත්‍ර වාර්තාවට අනුව රුපියල් 247,567 ක්, වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමේ අවස්ථාවල රුපියල් 96,101 ක්, සහ සේවය නොකළ සිකුරාදා, පසුදා, සෙනසුරාදා සහ ඉරිදා දිනයන් සදහා රුපියල් 42,442 ක් ලබාගෙන ඇති බව වාර්තා වී ඇත.
මෙලෙස නීති විරෝධීව අතිකාල දීමනා ලබා ගැනීම සිදුවී ඇති බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.