ආපදාවෙන් රෝහල් 410කට බලපෑම්

Report

 සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් දිවයිනේ රෝහල් 410කට බලපෑම් එල්ල වී ඇත. ඉන් වැඩිම හානිය සිදුව තිබෙන්නේ මහියංගනය මූලික රෝහල සහ හලාවත දිස්ත්‍රික් රෝහලටය.

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආයතන 500කට අධික ප්‍රමාණයකට බලපෑම් එල්ල වු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

රූපවාහිනී වැඩසටහනට එක්වෙමින් ඔහු මේ තොරතුරු ප්‍රකාශ කළ අතර, අදාළ සෞඛ්‍ය ආයතන යථා තත්ත්වයට පත් කිරීමට තවත් කාලයක් ගතවන බව ද වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා සදහන් කළේ, ආපදා තත්ත්වය හේතුවෙන් රෝහල් 53ක උපකරණ සඳහාත් බලපෑම් ඇතිවී ඇති බවය.

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා,

''මහියංගන රෝහල, ඒ වගේම හලාවත රෝහලේත් අරගෙන යන්න පුළුවන් දේවල් ඔක්කොම වගේ උපකරණ ඒ කාර්ය මණ්ඩලය ඒ වෙලාවේ අරගෙන ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මහියංගනය ගත්තහම ගොඩක් දේවල්. ඒ කියන්නේ සමහර මැෂින්වල ගලවන්න පුළුවන් කෑල්ල අරගෙන උඩට ගිහිල්ලා තියෙනවා. ගොඩක් ඩැමේජ් වෙච්ච ඒවා තුනයි තියෙන්නේ. එකක් ඔය හලාවත රෝහල, මහියංගනය අනිත් එක වත්තේගම.. ඒකේ ලොකු ඩැමේජස් නැහැ. බිල්ඩින් වල ඩැමේජ් වෙලා තියෙන්නේ දෙසිය තිස් හයකයි. ඒ කියන්නේ ඔය උපකරණවලට ඩැමේජ් තියෙනවා පනස් තුනක. ඒවා පිළිබඳ යම් තක්සේරුවක් කරමින් යනවා.''

නොදැන ශුක්‍රාණු දායාද කෙරූ පුද්ගලයෙක් නිසා දරුවන් 200ක් අනතුරේ -ළමුන් 23කුට පිළිකා

නොදැන ශුක්‍රාණු දායාද කෙරූ පුද්ගලයෙක් නිසා දරුවන් 200ක් අනතුරේ -ළමුන් 23කුට පිළිකා