අනේ අපොයි මරණ සංඛ්‍යාව ඉහලට
දිවයින පුරා පවතින ආපදා තත්ත්වය හේතුවෙන් අද (11) ප.ව. 5.00 වන විට ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 639 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවේ දැක්වේ.
එමෙන්ම, තවත් පුද්ගලයන් 210ක් අතුරුදන්ව ඇති අතර සමස්තයක් ලෙස පවුල් 495,093ක් අයත් වන පුද්ගලයන් 1,703,318 දෙනෙකුට මෙම ආපදා තත්ත්වයෙන් බලපෑම් එල්ල වී තිබේ.
ආපදා හේතුවෙන් නිවාස විශාල සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර, සම්පූර්ණයෙන්ම හානි වූ නිවාස සංඛ්‍යාව 5,588ක් වන අතර, අර්ධ වශයෙන් හානි වූ නිවාස සංඛ්‍යාව 87,496ක් වන අතර ආපදාවට පත් පවුල් සඳහා දිවයින පුරා පිහිටුවා ඇති ආරක්ෂක මධ්‍යස්ථාන (Safety Centers) 866ක් තුළ, පවුල් 26,563ක් අයත් වන පුද්ගලයන් 84,674ක් රැඳී සිටින බව අදාල වාර්තාව සදහන් කරයි.
වැඩිදුරටත් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එය මරණ 234ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 90ක් වාර්තා වේ.