නියම වැඩක් - තමන්ගේ වැටුප ජනතාවට පරිත්‍යාග කරයි
By Ashfa
අද (11) දින කොළඹ සිටින විදේශ රටවල් කිහිපයකම තානාපතිවරුන් සිය පෞද්ගලික වැටුප තම පෞද්ගලික පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවේ විපතට පත් වූවන් වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් වෙත ප්‍රදානය කර ඇත.
මෙම වැටුප පරිත්‍යාගයක් ලෙස විපතට පත් වූවන්ට ප්‍රදානය කිරීම ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනිය විසින් සිදු කළ අතර කොළඹ සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින් නියෝජනය කරමින් මාලදිවයින, ඉතාලිය,දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය, පලස්තීනය, ඕමානය යන රටවල තානාපතිවරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.