2026 T20 ප්‍රවේශපත් මිලදී ගැනීම ඇරඹේ - මිලදී ගන්නේ මෙහෙමයි
ශ්‍රී ලංකා සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ‘2026 විස්සයි20’ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ ප්‍රවේශපත් අලෙවිය අද (11) පස්වරුවේ සිට ආරම්භ වේ.
ඒ අනුව, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පදනම් කරගත් ක්‍රීඩාලෝලීන්ට අද ප.ව. 6.45 සිට ප්‍රවේශපත් මිලදී ගැනීමට අවස්ථාව හිමිවේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිකුත් කළ නිවේදනය අනුව, ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට රුපියල් 1,000 ආරම්භක වටිනාකමෙන් ප්‍රවේශපත් මිලදී ගැනීමට හැකියාව ඇත.
මෙවර, 10 වන වරට පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානය 2026 පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා කාලය තුළ පැවැත්වේ.