බබා හම්බුනාම තාත්තලා ඩිප්‍රෙස් වෙනවද?

By Shehan Dec 11, 2025 02:30 PM GMT
Report
Courtesy: Dr.Priya

අලුතෙන් බබෙක් පවුලට එකතු වෙනවා කියන්නේ ගොඩක් සතුටු හිතෙන, ජීවිතේ ලොකු වෙනසක් කරන දෙයක් නේද? ඒත් මේ සතුටත් එක්කම එන අලුත් වගකීම්, රෑ නිදි මරන එක, වෙනස් වෙන පවුල් ජීවිතේ එක්ක සමහර වෙලාවට අම්මලාට වගේම තාත්තලාටත් ලොකු මානසික පීඩනයක්, දුකක් දැනෙන්න පුළුවන්.

අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ අම්මලාට එන පශ්චාත් ප්‍රසව විශාදය ගැන වුණත්, මේ තත්ත්වය තාත්තලාටත් ඒ විදිහටම බලපාන්න පුළුවන් කියන එක ගැන සමාජයේ ලොකු කතාබහක් නැහැ. ඉතින් අද අපි කතා කරමු මේ ගැන.

බබා හම්බුනාම තාත්තලා ඩිප්‍රෙස් වෙනවද? | Can Fathers Experience Postpartum Depression

  • ඇත්තටම තාත්තලාටත් මේ තත්ත්වය බලපානවද?  

ඔව්. පර්යේෂණ වලින් හොයාගෙන තියෙන විදිහට, අලුතෙන් තාත්තා කෙනෙක් වුණු සෑම පිරිමි දහ දෙනෙක්ගෙන්ම එක්කෙනෙක්ට බබා ලැබෙන්න ටිකකට කලින් ඉඳන් හෝ ලැබුණට පස්සේ කාලයේදී යම් මට්ටමක විශාද තත්ත්වයක් (Depression) ඇතිවෙනවා.

මේකට එකම හේතුවක් හරියටම කියන්න බැරි වුණත්, හේතු කිහිපයක්ම බලපාන්න පුළුවන්.

නින්ද අඩුවීම: අලුත උපන් බබෙක් එක්ක මුල් මාස කිහිපයේදී හොඳට නිදාගන්න ලැබෙනවා හරිම අඩුයි.  

වගකීම් වැඩිවීම: බබාගේ අනාගතය, පවුලේ වියදම් ගැන හිතනකොට ලොකු පීඩනයක් දැනෙන්න පුළුවන්. 

වෙනස් වන පවුල් රටාව: බබා එන්න කලින් තිබුණු නිදහස, දෙන්නාට දෙන්නා එක්ක ගතකරන්න තිබුණු කාලය නැතිවීම. 

බිරිඳ සමග සම්බන්ධය: බබා ලැබුණාට පස්සේ බිරිඳගේ සම්පූර්ණ අවධානය දරුවාට යන නිසා, තමන් තනිවුණා වගේ හැඟීමක් එන්න පුළුවන්. 

බබා හම්බුනාම තාත්තලා ඩිප්‍රෙස් වෙනවද? | Can Fathers Experience Postpartum Depression

මේ තත්ත්වය ගැන තාම අපේ සමාජයේ ලොකු දැනුවත්කමක් නැති නිසා, ගොඩක් තාත්තලා තමන්ට මෙහෙම දෙයක් දැනෙනවා කියලා පිළිගන්නවත්, ඒ ගැන කතා කරන්නවත් කැමති නැහැ. "පිරිමි අඬන්නේ නැහැ" වගේ සමාජ මත නිසා මේ හැඟීම් හිතේ තද කරගෙන ඉන්න ගොඩක් දෙනෙක් උත්සාහ කරනවා. 

⚠️ ඔබත් අලුත් තාත්තා කෙනෙක් නම්, මේ ලක්ෂණ ගැන අවධානයෙන් ඉන්න ඔයා අලුතෙන් තාත්තා කෙනෙක් වෙන්න ඉන්නවා නම්, එහෙමත් නැත්නම් දැනටමත් පුංචි බබෙක්ගේ තාත්තා කෙනෙක් නම්, ඔයාගේ මානසික සෞඛ්‍යය ගැනත් හිතන්න ඕන.

⚠️ ඔබත් අලුත් තාත්තා කෙනෙක් නම්, මේ ලක්ෂණ ගැන අවධානයෙන් ඉන්න ඔයා අලුතෙන් තාත්තා කෙනෙක් වෙන්න ඉන්නවා නම්, එහෙමත් නැත්නම් දැනටමත් පුංචි බබෙක්ගේ තාත්තා කෙනෙක් නම්, ඔයාගේ මානසික සෞඛ්‍යය ගැනත් හිතන්න ඕන.

ශක්තිය අඩු බවක් දැනීම: හැමතිස්සෙම මහන්සියක්, ඇඟට පණක් නැති ගතියක් දැනෙනවද?

කලින් සතුටු වුණු දේවල් වලින් සතුටක් නොලැබීම: කලින් යාළුවොත් එක්ක කතා කරන්න, TV බලන්න තිබුණු ආසාව දැන් නැතිවෙලාද?

කලකිරීම, තරහ යාම සහ දුක: පුංචි දේටත් තරහ යනවද? හැමදේම ගැන කලකිරීමක්, කිසිම හේතුවක් නැතුව දුකක් දැනෙනවද?

වැදගත්ම දේ තමයි, ඔයාගේ සාමාන්‍ය මනෝභාවයේ මේ වගේ වෙනසක් සති කිහිපයක් එක දිගට තියෙනවා නම්, උදව් ඉල්ලන්න පරක්කු වෙන්න එපා.

බබා හම්බුනාම තාත්තලා ඩිප්‍රෙස් වෙනවද? | Can Fathers Experience Postpartum Depression

✅ තාත්තා කෙනෙක් විදිහට මේ තත්ත්වයෙන් ගොඩ එන්න මොනවද කරන්න පුළුවන්?

  1. හොඳට නිදාගන්න උත්සහ කරන්න මේක කියන තරම් ලේසි නැති බව අපි දන්නවා. ඒත් බිරිඳත් එක්ක කතා කරලා රෑට බබාව බලාගන්න දෙන්නාටම නිශ්චිත කාලසටහනක් හදාගන්න.
  2. හිතේ තියෙන දේවල් කතා කරන්න ඔයාට දැනෙන දේවල්, ඔයාගේ පීඩනය ගැන බිරිඳත් එක්ක විවෘතව කතා කරන්න. "මට මෙහෙම දෙයක් දැනෙනවා" කියලා කියන එක දුර්වලකමක් නෙමෙයි, ඒක ශක්තියක්.
  3. ඔබටම කියා පොඩි වෙලාවක් වෙන් කරගන්න දවසට විනාඩි 15-20ක් හරි ඔයා කැමති දෙයක් කරන්න වෙලාවක් හොයාගන්න. පොතක් කියවන්න, සින්දුවක් අහන්න, ව්‍යායාම කරන්න.
  4. වෛද්‍ය උපදෙස් ලබාගන්න මේ ලක්ෂණ සති දෙකකට වඩා එක දිගට තියෙනවා නම්, කිසිම පැකිලීමක් නැතුව දොස්තර මහත්තයෙක් හමුවෙන්න. සමහරවිට උපදේශනය (counseling) මාර්ගයෙන් හෝ අවශ්‍ය නම් ඖෂධ මගින් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්. 

ගොඩක් අය අහන ප්‍රශ්නයක්: "මට කලිනුත් විශාදය (Depression) හැදිලා තියෙනවා. ඒක නිසා බබා ලැබුණාම මට මේ තත්ත්වය හැදෙන්න තියෙන ඉඩකඩ වැඩිද?" පිළිතුර: ඔව්, අවදානම ටිකක් වැඩියි. ඒත් හොඳම දේ, ඔයා ඒ ගැන දැනටමත් දැනුවත් වෙලා ඉන්න එක. ඒ නිසා රෝග ලක්ෂණ මතු වුණොත් ඉක්මනට හඳුනාගන්න ඔයාට පුළුවන්.

📌 මතක තියාගන්න කරුණු

➡️ බබා ලැබුණාම අම්මලාට වගේම තාත්තලාටත් පශ්චාත් ප්‍රසව විශාදය (Postpartum Depression) ඇතිවෙන්න පුළුවන්.

➡️ මනෝභාවයේ වෙනස්කම්, නින්ද හා ආහාර රටාවේ වෙනස්කම්, ශක්තිය අඩු බව වගේ ලක්ෂණ ගැන අවධානයෙන් ඉන්න.

➡️ ඔබට දැනෙන දේවල් ගැන බිරිඳ සමග විවෘතව කතා කරන්න.

➡️ පුළුවන් තරම් හොඳින් නිදාගන්න උත්සහ කරන්න.

➡️ මේ රෝග ලක්ෂණ සති කිහිපයක් එක දිගට පවතිනවා නම්, කරුණාකර වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් ලබාගන්න. උදව් ඉල්ලීම ශක්තියේ ලක්ෂණයක්.