රත්නපුර දරුණු ගින්නක් - කඩ කාමර 90ක් විනාශයි
රත්නපුර පොළ සංකීර්ණයේ අද (23) අලුයම හටගත් දරුණු ගින්නකින් එහි පිහිටි කඩකාමර 90කට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව රත්නපුර පොලිසිය වාර්තා කරයි.
මහල් තුනකින් යුත් මෙම පොළ සංකීර්ණයේ දෙවන මහලෙන් ගින්න ආරම්භ වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
එළවළු සහ පලතුරුවලට අමතරව සහල්, පරිප්පු, සීනි, අල සහ ලූණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලරට අලෙවි කරන වෙළෙඳසැල් රැසක් ගින්නෙන් විනාශ වී ඇති අතර වෙළෙඳුන්ට විශාල මූල්‍යමය පාඩුවක් සිදුව ඇති බව පැවසේ.
රත්නපුර මහ නගර සභාවේ සහ බලංගොඩ නගර සභාවේ ගිනි නිවන ඒකක ඒකාබද්ධව මෙහෙයුමක් දියත් කර ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.