ලංකාවට හයියක් වූ රට විරුවෝ - ශ්‍රි ලංකා විදේශ සේවා නියුත්ති කාර්යාංශයෙන් දිවයිනටම සුබ පණිවුඩයක්

Report

මේ වසරේ පළමු කාර්තුවේදී විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය ඉකුත් වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 26.5 කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුත්ති කාර්යාංශය දැනුම් දෙයි.

මේ අතර ශ්‍රි ලංකා මහා බැංකුවේ දත්ත උපුටා දක්වමින් කාර්යාංශය දක්වන්නේ, 2026 වර්ෂයේ ජනවාරි සිට මාර්තු දක්වා ඇමරිකන් ඩොලර් බිලියන 2.294ක විගමනික ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබී තිබෙන බවයි.

ඒ අනුව ජනවාරි මසදී ඩොලර් මිලියන 751,පෙබරවාරී මස ඩොලර් මිලියන 729ක් හා මාර්තු මසදී ඩොලර් මිලියන 815ක් ලැබී ඇත.

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු ඩොලර් 5000 ඉක්මවයි

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු ඩොලර් 5000 ඉක්මවයි

එමෙන්ම 2025 වර්ෂයේ පළමු මස තුනේ ලැබී ඇති විගමනික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,815 ක් වේ.

විගමනික ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබීමේ ප්‍රමාණය මෙසේ ඉහළ යාමට රාජ්‍ය මුල්‍ය විශ්වාසය හා විනිවිධභාවය හා නිත්‍යානුකූල මාර්ග ක්‍රමවේද ශ්‍රමිකයන් භාවිතා කිරිමට කාර්යාංශය විසින් උනන්දු කරවිම හේතු වි ඇති බව ද කාර්යාංශය පවසයි.

එසේම මේ වසරේ ජනවාරී සිට මාර්තු අවසානය දක්වා ශ්‍රමිකයන් 62,145 දෙනකු රැකියා සඳහා විදේශ ගත වී ඇති බව වාර්තා වේ.

අහස උසට නැග්ග ලෝක රන් මිල එක්ක ලංකාවේ රන් මිල හොයපු අයට නවතම මිල ගණන් මෙන්න

අහස උසට නැග්ග ලෝක රන් මිල එක්ක ලංකාවේ රන් මිල හොයපු අයට නවතම මිල ගණන් මෙන්න

සුබ ආරංචියක් - ගිනි ගණන් වූ බිත්තර මිල යළි පහළට

සුබ ආරංචියක් - ගිනි ගණන් වූ බිත්තර මිල යළි පහළට