අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිගේ කැබ් රථය හැප්පෙයි

Report

අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා ගමන් කරමින් සිටි මෝටර් රථය අනතුරට පත්ව ඇත.

ඔහු ‍ඊයේ (22) රාත්‍රී කොළඹ සිට හැටන් හරහා නුවරඑලිය දක්වා ගමන් කරමින් සිටියදී කැබ් රථය කිතුල්ගල කළුකොහු තැන්න ප්‍රදේශයෙදි ලිස්සා ගොස් ප්‍රධාන මාර්ගය අභියස තිබු විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදු වී තිබේ.

මෙම අනතුරින් අනතුරින් මෝටර් රථය ධාවනය කළ රියදුරාට හෝ නියෝජ්‍ය අමාත්‍යවරයාට කිසිදු අනතුරක් සිදුවී නැත.

සරසවි සිසුවා රෝහලට යැවූ දරුණු අනතුර

සරසවි සිසුවා රෝහලට යැවූ දරුණු අනතුර

කෙසේවෙතත් අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇත මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිතුල්ගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.