අසභ්‍ය නිල් චිත්‍රපටි බලපු හැමෝම ලොකු අනතුරක - දත්ත පිටවෙලා

Report

ලොව පුරා ප්‍රකට, අසැබි වීඩියෝ ඇතුළත් වෙබ් අඩවියක සිදුවූ විශාල ආරක්ෂක උල්ලංඝනයක් හේතුවෙන් එහි මුදල් ගෙවා නරඹන පරිශීලකයින් (premium users) මිලියන 200කට අධික සංඛ්‍යාවකගේ දත්ත සොරකම් කර තිබීමට ඉඩ ඇතැයි එම වෙබ් අඩවිය දැනුම් දී ඇත.

අනවසරයෙන් දත්ත සොරකම් කරන (හැකර්) කණ්ඩායමක් වන ෂයිනි හන්ටර්ස් විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇති අතර, ඔවුන් කියා සිටින්නේ විද්‍යුත් තැපැල් ලිපින, සෙවුම් ඉතිහාසය සහ ක්‍රියාකාරකම් වැනි සංවේදී තොරතුරුවලට ඔවුන් ප්‍රවේශ වූ බවයි.

සුපිරි නිලි රශ්මිකා මන්දනා ශ්‍රී ලංකාවට

සුපිරි නිලි රශ්මිකා මන්දනා ශ්‍රී ලංකාවට

විදෙස් වාර්තාවලට අනුව, සොරකම් කරන ලද දත්ත ප්‍රමාණය 94GB ක් වන අතර ඊට වාරික ගෙවීම් කර නරඹන පරිශීලකයන්ගේ විද්‍යුත් තැපැල් ලිපින, ස්ථාන, නරඹන ලද වීඩියෝ, වීඩියෝ හා සම්බන්ධ මූල පද, වීඩියෝ නරඹන ලද වේලාවන් සහ ඒවා බාගත කර තිබේද යන්න ඇතුළත් වේ.

හැකර්වරුන් මෙම දත්ත සොරකම් කිරීමෙන් පසු කප්පම් මුදල් ඉල්ලා ඇති අතර අදාල වෙබ් අඩවිය තහවුරු කළේ, මෙම අනවසර ප්‍රවේශය සිදුව ඇත්තේ මික්ස්පැනල් නම් තෙවන පාර්ශවීය දත්ත විශ්ලේෂණ සේවා සැපයුම්කරුවෙකු හරහා බවයි.

ChatGPT එකට දුක කියන්න ගිහින් වෙච්ච දේ - සැබෑ පෙම්වතාව අතෑරලා AI මනාලයෙක් හා විවාහ වෙයි

ChatGPT එකට දුක කියන්න ගිහින් වෙච්ච දේ - සැබෑ පෙම්වතාව අතෑරලා AI මනාලයෙක් හා විවාහ වෙයි

කෙසේ වෙතත්, මෙය එම වෙබ් අඩවියේ වාරික පද්ධතිවල උල්ලංඝනයක් නොවන බවත්, අනවසර පාර්ශවයකට උපුටා ගැනීමට හැකි වූයේ සීමිත විශ්ලේෂණ සිදුවීම් සමූහයක් පමණක් බවත් වෙබ් අඩවිය සඳහන් කරයි. මුරපද, ගෙවීම් විස්තර සහ මූල්‍ය තොරතුරු ආරක්ෂිතව පවතින බවත් ඒවා නිරාවරණය නොවූ බවත් අදාල වෙබ් අඩවිය අවධාරණය කෙරේ.