සුපිරි නිලි රශ්මිකා මන්දනා ශ්‍රී ලංකාවට
ඉන්දීය සිනමාවේ "National Crush" ලෙස හැඳින්වෙන රෂ්මිකා මන්දනා, කෙටි නිවාඩුවගත් ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඇය සිය ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුම හරහා ශ්‍රී ලංකාවේ ගත කරන සුන්දර අවස්ථාවන් කිහිපයක් රසිකයන් සමඟ බෙදාගෙන තිබේ.
එහිදී ඇය නැවතී සිටින හෝටල් පරිශ්‍රය අතිශය සුන්දර ස්ථානයක් ලෙස හඳුන්වා දී තිබීම විශේෂත්වයක් වේ.
තල් අතු සහ නිවර්තන පරිසරයක සුන්දරත්වය විදහා දක්වන ඡායාරූප කිහිපයක් පළ කරමින් ඇය ලංකාවේ ස්වභාවික සෞන්දර්යය අගය කර ඇත.

