මුඛ ආවරණ නැතිනම් ඉන්ධන ගන්න බැහැ..පොලිසියෙන් දැනුම් දීමක්..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Fuel Crisis
National Fuel Pass
By Aruna
මුඛ ආවරණ නොපැලද හැටන් නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින් මින් ඉදිරියට ඉන්ධන ලබාගැනිමට පැමිණෙන රියදුරන්ට ඉන්ධන නිකුත් නොකිරිමට හැටන් පොලිසියේ නිලධාරින් සහ ඉන්ධන පිරවුම්හල් වල සේවකයින් විසින් පියවර ගෙන ඇති බව වාර්තා වනවා.
ජාතික ඉන්ධන නිකුත් කිරිමේ බලපත්‍රය අනුව හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක් මගින් (27) දින සිට ඉන්ධන නිකුත් කිරිම ආරම්භ කල අතර, ජාතික ඉන්ධන නිකුත් කිරිමේ බලපත්‍රය ලබා ගැනිමට ලියාපදිංචි නොවු අංක සහිත වාහනවල විස්තර සටහන් කරගෙන ඒ සදහා අනුමත සිමාවන්ට යටත්ව ඉන්ධන නිකුත් කිරිමට හැටන් ප්‍රදේශයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් සේවකයින් පියවර ගෙන තිබුණි.
මුඛ ආවරණ පලදමින් ඉන්ධන ලබාගැනිමට පැමිණෙන ලෙස හැටන් පොලිසියේ නිලධාරින් විසින් ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගි කර ගනිමින් රියදුරන් දැනුවත් කිරිමට පියවර ගෙන තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |