අයිස් බෙදූ 7 ක් කොටු
කොළඹ සිට වැල්ලවායට අයිස් මත්ද්‍රව්‍ය ගෙන්වා බෙදාහැරීම සම්බන්ධව අඹුසැමි යුවළක් ඇතුළු පුද්ගල හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වැල්ලවාය පොලිසිය සිදු කළ විශේෂ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව වාර්තා වේ.
පොලිසිය සඳහන් කළේ, ඔවුන් කාලයකට පෙර සිට මත්ද්‍රව්‍ය ජාවාරම් ක්‍රියාකාරකම්වල නිරත වී ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ළඟින් ග්‍රෑම් 23ක අයිස් මත්ද්‍රව්‍ය සොයා ගත් බවද පොලිසිය පවසයි.
සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.