නුවරඑළිය, ටොප්පාස් රක්ෂිතයේ තරුණයෙකුගේ මළ සිරුරක්
නුවරඑළිය, ටොප්පාස් රක්ෂිතයේ තිබී පුද්ගල මළ සිරුරක් හමු වී තිබේ.
එම මළ සිරුර ශාන්තිපුර, නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයෙකුගේ බව පොලිසිය සදහන් කරයි.
එලෙස මියගිය පුද්ගලයා පසුගිය 08 වනදා සිට නිවසින් අතුරුදහන්ව ඇති බවට පවුලේ ඥාතීන් විසින් නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර ඇත.
ටොප්පාස් රක්ෂිතයට දර කැඩීමට ගිය පිරිසක් රක්ෂිතය තුළ මළ සිරුරක් ඇති බවට දැක නුවරඑළිය පොලිසියට දැනුම්දී ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගිය තරුණයා තම පුත්‍රයා බව පියා විසින් හදුනාගන ඇත.
මෙම සිදුවීම සම්බන්ධව තව දුරටත් පොලිස් විමර්ශනයන් සිදුකරනු ලබයි .