ගල්කිස්ස අධිකරණ භූමියේ තිබී ගිනිඅවියක් සොයාගනී
අපරාධයක් සිදුකිරීම සඳහා රැගෙන ආ බවට සැක කෙරෙන පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් ගල්කිස්ස අධිකරණ භූමිය තුළ තිබී සොයාගෙන තිබේ.
මේ වන විට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි.
ඒ වගේම පෙර දිනයේද (28) පොලිසිය විසින් පිස්තෝලයක් රැගෙන අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි කාන්තාවක් අත්අඩංගුවට ගැනුණි.
විමර්ශන කළ බැලීමේදී එම පිස්තෝලය සෙල්ලම් පිස්තෝලයක් බවට අනාවරණය වී තිබේ.