ලසන්තගේ ඝාතනයේ තවත් ඛේදනීය හෙළිදරව්වක් - වෙඩික්කරු එක්ක යතුරුපැදිකරු ඝාතනයට ගියපු හේතුවත් වමාරයි
වැලිගම ප්‍රාදේශීය සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කිරීමට ගිය වෙඩික්කරුට සහාය දුන් යතුරුපැදිකරු වයස අවුරුදු 19ක තරුණයෙක් බවත්, හිතවත්කම මත මෙම ඝාතනයට සහාය දක්වා තිබෙන බවත් ඔහුගේ පාපොච්චාරණවලින් හෙළිව තිබෙන බව පොලිස් විමර්ශකයින් පවසයි.
ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් වන වෙඩික්කරු සහ යතුරුපැදිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා.
එසේම වෙඩික්කරුගේ බිරිඳ කැකිරාවේදී වෙඩික්කරුටත් යතුරුපැදිකරුටත් වෙඩික්කරුගේ බිරිඳටත් රැකවරණය දුන් කැකිරාවේ පදිංචිකරුවෙක් වන වඩේ වෙළෙන්දාත්, බොරැල්ල මෙත්සර උයන නිවාස සංකීර්ණයේ සහ හල්ගහ කුඹුර ප්‍රදේශවල පදිංචි මත්කුඩු ලෝලීන් දෙදෙනෙක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබුණ බව වාර්තා වුණා.
ඒ අනුව අත්අඩංගුවේ සිටින පැදිකරු වයස අවුරුදු 19ක ගාල්ල හල්පේ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහු මත්කුඩු භාවිතයටද ඇබ්බැහි වී සිටින අතර මෙම ඝාතනයේ යතුරුපැදිකරු වශයෙන් කටයුතු කර තිබෙන්නේ වෙඩික්කරු සමග ඇති හිතවත්කම මත බවට ඔහුගේ පාපොච්චාරණයෙන් අනාවරණය වී ඇති බවට රහස් පොලිස් ආරංචි මාර්ග පවසයි.
එසේම වැලිගම ප්‍රාදේශීය සභාපතිවරයා ඝාතනය කිරීමට ගිය වෙඩික්කරු කැකිරාවේ සිට බස් රථයකින් මහරගමත් නාවින්නත් අතර පිහිටි දුරකථන අළෙවිසලකට ගොස් තිබූ බවට ද දැනට කරුණු අනාවරණය වී ඇත.
ඒ අනුව ඔහු සතුව තිබූ අලුත්ම ජංගම දුරකතනයට පවර් බෑන්ක් එකක් සහ ඩේටා කේබල් එකක් ගැනීමට මොහු අඳාළ දුරකතන අළෙවිසලට ගොස් තිබූ බවට ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
එසේම පවර් බෑන්ක් එකක අවශ්‍යතාවය ඔහුට පැන නැගී ඇත්තේ පලායමින් සිටි ඔහුගේ ජංගම දුරකථනයෙන් නිතර බැටරි බැසීම නිසා බවත් නිතර නිතර ඩුබායි සිට ඔහුට ඇමතුම් පැමිණීමේදී දුරකතනය සක්‍රීයව තිබිය යුතු නිසා බවත් ඔහු පවසා ඇත.
එමෙන්ම වෙඩික්කරු කැකිරාවේ සිට පිටකොටුවට පැමිණි විටදී පවා තම ජංගම දුරකථනය ආරෝපණය කර ගැනීමට සිදුව තිබුණේ පිටකොටුවේ කොමියුනිකේෂන් එකකට රුපියල් විස්සක් ලබාදෙමින් බවට ඔහු ප්‍රකාශ කළ බවට වාර්තා වී තිබෙනවා.
එනිසා එම ස්ථානය විනාඩි විස්සක තිහක පමණ කාලයක් ඔහුට රැඳී සිටීමට සිදුව ඇති අතර,පසුව ඔහු බොරැල්ල සහස්පුර මෙත්සර උයන නිවාස සංකීර්ණයට ගොස් හෙරොයින් පානය කිරීමෙන් පසුවද යළි සිය ජංගම දුරකථනය ආරෝපණය කර තිබෙන බව සඳහන්.
කෙසේ වෙතත් වැලිගම සභාපති ඝාතනය කිරීමට මුල් වූ හේතුව මෙතෙක් පැහැදිළිව විමර්ශනවලින් අනාවරණය වී නොමැත.
එනිසා ඒ පිළිබඳව තොරතුරු හෙළිකර ගැනීමට මෙතෙක් දකුණු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යටතේ පැවැති විමර්ශන සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැවරීමට පොලිස්පතිවරයා අද (29) දින පියවර ගෙන තිබෙනවා.