අද හෙටම පාසල්වලට එන්න යන චක්‍රලේඛය
එළඹෙන වසරේ සිට එනම් 2026 සිට පාසල් කාලය සවස 2.00 දක්වා දීර්ඝ කිරීමට අදාළ සංශෝධිත චක්‍රලේඛය ඉදිරි දින දෙක තුන ඇතුළත නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව එම චක්‍රලේඛය මේ වන විට සකස් කර අවසන් වී තිබෙන බව සඳහන්.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියෙක් සඳහන් කළේ එම චක්‍රලේඛය ඉදිරි දින කිහිපයේදී පාසල්වලට නිකුත් කරන බවයි.