මුළු කොළඹටම කරන්න යන දේ
කොළඹ නගරය ඇතුළු රට පුරා පිහිටි ප්රදේශයන්ගේ මහා මාර්ගවල ආරක්ෂිත කැමරා පද්ධති සවිකිරීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසුවේ ඊට අවශ්‍ය වන පිරිවැය සම්බන්ධයෙන් මෙවන විටත් සාකච්ඡා සිදුවෙමින් තිබෙන බවයි.
මේ පිළිබඳව රජයේ අවධානය යොමුව ඇත්තේ මෑත කාලයේදී පාතාල අපාධාරාධකරුවන් ඇතුළු විවිධ සැකකරුවන් අල්ලා ගැනීමට ආරක්ෂිත කැමරා බොහෝ උපකාරී වූ නිසයි.
ඒ අනුව මෙහිදී කැමරා පද්ධති පළාත් මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමට හා බස්නාහිර වයඹ හා උතුරු පළාත් මුල් කරගෙන පළමුව ආරම්භ කිරීමටද සාකච්ඡා කරමින් තිබෙන බව සඳහන්.
තවද මෙම කැමරා පද්ධති එළඹෙන වසර ආරම්භයේ සිට ක්‍රියාත්මක කිරීමට අරමුණු කරගෙන සිටින බව වාර්තා වේ.