මහින්ද දේශපාලන ප්‍රබලයෝ ගොඩක් මහ රෑ ගෙට දාන් කතා කරේ මේකයි එහෙනම් - විස්තරේ මෙන්න
පොදුජන එක්සත් පෙරමුණේ නායකයින් සහ දේශපාලන පක්ෂවල නියෝජිතයින් කිහිප දෙනෙකුම ඉකුත් (27) වැනිදා රාත්‍රීයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු වන මහින්ද අමරවීරගේ කොළඹ පිහිටි නිවසේදී රැස්වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව පෙරේදා රාත්‍රීයේ අඳාළ හමුව සිදුවී ඇති අතර පැය දෙකට ආසන්න වේලාවක් වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඇති බව පවසයි.
එහිදී විශේෂයෙන්ම ලබන නොවැම්බර් 21 වැනිදා ආණ්ඩුවට විරුද්ධව නුගේගොඩදී පවත්වනු ලබන "මහා ජනහඬ" රැළිය සඳහා ජනතාව දැනුවත් කරන ආකාරය සහ ඒ වෙනුවෙන් දිස්ත්‍රික්ක සහ ආසන මට්ටමින් සංවිධායකවරුන් දැනුවත් කිරීම ගැන ද මෙහිදී සාකච්ඡා වී ඇති බව සඳහන්.
තවද පළාත් සභා මැතිවරණයක් පැවැත්වුවොත් ඊට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳවත් සාකච්ඡා කර තිබෙන බවට වාර්තා වේ.
මේ අතර දිස්ත්‍රික් මට්ටමින් ජනතාව දැනුවත් කිරීමට රැස්වීම් මාලාවක් පැවැත්වීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති බව සඳහන්.
ඒ අනුව ලබන නොවැම්බර් 21 වැනිදා නුගේගොඩ පවත්වන රැළියට සමගි ජන බලවේගයේ බොහෝ පිරිසක් කැමැත්තෙන් සිටින බවත් එම රැළියට සජබ නාවද ඔවුන්ගේ ආශිර්වාදය හිමිවන බවත් පොදුජන ඵක්සත් පෙරමුණේ පක්ෂ නායකයින් අතර සාකච්ඡා වී ඇත.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක, අසංක නවරත්න,සුගීෂ්වර බණ්ඩාර ඇතුළු දේශපාලඥයින් රැසක්ම සහභාගි වී ඇති බව සඳහන්.
එසේම පැය දෙකකට ආසන්න කාලයක් මෙම සාකච්ඡා තිබී ඇති අතර පසුව රාත්‍රී භෝජන සංග්‍රහය ද මහින්ද අමරවීර හිටපු අමාත්‍යවරයා සූදානම් කර ඇති බව වාර්තා වේ.