මේවනේ දෙයියනේ සම්ප්‍රදායවල්, 17 න් බැඳලා 40 දී වයිෆ්ලා හතරක් අනිවාර්‍යයි
එක එක කාලෙට එක එක කතා සමාජ මාධ්‍යයෙන් අපිට ඇහෙන්න ලැබෙනවා. ඒ අතරෙ විවාහය ගැන ඇහෙන කතාවලට තියෙන්නේ වෙනම උනන්දුවක්.
විවාහය ගැන සෝමාලියාවෙනුත් අපි කවදාවත් අහලා නැති කථා ටිකක් ඔන්න මේ වෙද්දි සෝමාලියාවෙන් ඇහෙනවා.
ඒ තමයි සෝමාලියානු සම්ප්‍රදායට අනුව පිරිමින් විවාහ වෙන්න ඕනේ වයස වෙන්නේ අවුරුදු 17-18 දී කියන කථාව.
සාමාන්‍යයෙන් සෝමාලියානු සම්ප්‍රදායට අනුව පිරිමියෙක් වයස අවුරුදු 20 ක් වෙලත් විවාහ වුණේ නැත්තම් ඔහු ගෝත්‍රයට නිගාවක් විදිහට සලකනවා.
ඒ විතරක් නෙවෙයි ඔහු අනෙකුත් ගෝත්‍රවලටත් නින්දාවක් කියලත් කියනවා.
සෝමාලියානු ජාතිකයෙක්ට තමන්ගේ පළමු බිරිඳ තෝරා ගැනීමට අයිතියක් තිබෙනවා.
ඒ තීරණයට බාධා කරන්න කාටවත් අයිතියක් නැහැ කියලා තමයි කියන්නේ.
ඊට අමතරව ඔහුගේ බිරිඳ ඔහුගේ පළමු දරුවා බිහි කළාට පස්සේ ඔහුගේ මව විසින්ම ඔහුට ඇය කැමති දෙවන බිරිඳක් තෑගි කරනවා කියලා තමයි කියන්නේ.
ඒ විතරක් නෙවෙයි සෝමාලියානු සම්ප්‍රදායට අනුව පුරුෂයා තමන්ගේ 30 වැනි උපන්දිනය සමරන්න ඕනේ තෙවැනි භාර්යාව එක්කලු.
ඒ වගේම ඔහු තමන්ගේ හතරවෙනි බිරිඳව විවාහ කර ගත යුත්තේ, ඔහුට වයස අවුරුදු 40 ක් වීමට කළින් කියලා තමයි කියන්නේ.
මේ විදිහට මේ කියන වයස ඇතුළත සෝමාලියානු පිරිමියෙක්ට භාර්යාවන් 4 දෙනෙක් හිටියේ නැත්තම් ඔහු තම පවුල සහ ගෝත්‍රය අපකීර්තියට පත් කළ බවට විශ්වාස කරන බව සඳහන් වෙනවා.
ලෝකේ තියෙන එක එක සම්ප්‍රදායන් එක්ක මේත් තව එක සම්ප්‍රදායක්.
හැබැයි මොනවා වුණත් සෝමාලියාවේ මේ සම්ප්‍රදායට කැමති අය වගේම අකැමැති අයත් ලෝකෙ පුරාම ඉන්නවා.
