සැකකරුවෙකු අල්ලන්න පොලිසිය මහජන සහාය පතයි – මේ පුද්ගලයා ගැන දන්නවා නම් වහාම දැනුම් දෙන්න

Report

පසුගිය ඔක්තෝබර් මාසයේ අහුන්ගල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින 38 හැවිරිදි සැකකරුවෙකු සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ.

පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරන පරිදි, මෙම වෙඩි තැබීම 2026 ඔක්තෝබර් මස 1 වැනිදා අහුන්ගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුව ඇත.

එහිදී පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටින සැකකරු අහුන්ගල්ල, වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ලියනගේ දිනේෂ් සුරංග නමැත්තෙකු බව පොලිසිය හඳුනාගෙන ඇත.

සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී සිටින බවට තොරතුරු ලැබී ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටියි.

සැකකරු සිටින ස්ථානයක් හෝ ඔහු සම්බන්ධයෙන් වැදගත් තොරතුරක් දන්නේ නම් පහත දුරකථන අංක ඔස්සේ පොලිසිය දැනුවත් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති- 071-8591485

අහුන්ගල්ල පොලිස් ස්ථානය- 091-2264026

සිද්ධිය සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායකගේ බාල සොහොයුරාගේ මළ සිරුර අතුරුගිරියේ නිවසකින් හමුවෙයි

ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායකගේ බාල සොහොයුරාගේ මළ සිරුර අතුරුගිරියේ නිවසකින් හමුවෙයි

රත්තරන් මිල එකවරම කඩා වැටෙයි- අද උදේ පාන්දරම වෙනස්වුන නවතම මිල ගණන් මෙන්න

රත්තරන් මිල එකවරම කඩා වැටෙයි- අද උදේ පාන්දරම වෙනස්වුන නවතම මිල ගණන් මෙන්න