මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 20 ඉක්මවයි - විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට

Report

2026 වසරේදී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 20 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව, මෙම වසරේ විසි ලක්ෂයේ සංචාරකයා ලෙස සැලකෙන රුසියානු ජාතිකයෙකු අද (20) දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

ඔහු සමඟ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකු ද මෙරටට පැමිණ තිබේ. විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සඳහන් කරන්නේ අඛණ්ඩව තුන්වැනි වසරටත් මෙරට සංචාරක පැමිණීම් සංඛ්‍යාව ලක්ෂ 20 සීමාව ඉක්මවා යාමට හැකිවීම සුවිශේෂී ජයග්‍රහණයක් බවයි.

2018 වසරෙන් පසුව 2024, 2025 සහ 2026 යන වසරවලදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 20 සීමාව ඉක්මවා තිබේ.

ගෝලීය අර්බුද රැසක් මධ්‍යයේ වුවද මෙරට සංචාරක කර්මාන්තය අඛණ්ඩව ප්‍රගතියක් අත්කර ගැනීම, ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය කෙරෙහි ජාත්‍යන්තර වශයෙන් පවතින විශ්වාසය පිළිබිඹු කරන බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

එමෙන්ම, 2025 වසරේ වාර්තා වූ සංචාරක පැමිණීම් සංඛ්‍යාවද 2026 වසරේදී ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කරන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - 2027 අයවැයේ දෙවනවර කියවීමේ තීරණාත්මක ඡන්දය අද සවස

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - 2027 අයවැයේ දෙවනවර කියවීමේ තීරණාත්මක ඡන්දය අද සවස

"දක්ෂයෙකු නම් ඉදිරිපත් කළ අයවැය ක්‍රියාත්මක කර පෙන්වන්න" - ලාල් කාන්තටත් අභියෝග කරයි

"දක්ෂයෙකු නම් ඉදිරිපත් කළ අයවැය ක්‍රියාත්මක කර පෙන්වන්න" - ලාල් කාන්තටත් අභියෝග කරයි