2027 අයවැයට ITAK හරස් වෙයි - විරුද්ධව ඡන්දය දෙන්න තීරණයක්
By Malith Madushan
2027 වසර සඳහා ඉදිරිපත් කර ඇති අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට තීරණය කළ බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK) පවසයි. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී එස්. ශ්රීධරන් මහතා අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.
පසුගිය අයවැය දෙක සඳහා සිය පක්ෂය සහාය ලබාදුන් නමුත් මෙවර අයවැයට එරෙහිව ඡන්දය ප්රකාශ කරන බව ඔහු අවධාරණය කළේය.
වත්මන් ආණ්ඩුව දෙමළ ජනතාවගේ අභිලාෂයන් සහ ඔවුන් මුහුණ දෙන දේශපාලන ගැටලු නොසලකා හරිමින් කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ද එස්. ශ්රීධරන් මහතා වැඩිදුරටත් ප්රකාශ කළේය.
Meta Title: 2027 අයවැයට එරෙහිව ඡන්දය දීමට ITAK තීරණය කරයි Meta Description: පසුගිය අයවැය දෙකට සහාය දුන් ITAK පක්ෂය, දෙමළ ජනතා ගැටලු නොසලකා හැරීම හේතුවෙන් මෙවර අයවැයට විරුද්ධව ඡන්දය දීමට තීරණය කරයි.