පාකිස්තාන ඇමතිවරයා දිල්ලියට පැමිණීමෙන් ඉන්දියාවේ දේශපාලන කරළිය උණුසුම් වෙයි

Report

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) රැස්වීමකට සහභාගී වීම සඳහා පාකිස්තාන ෆෙඩරල් අමාත්‍යවරයෙකු වන මුසාදික් මලික් ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණීමත් සමඟ එරට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි විවාදයක් මතුව තිබේ.

මෙම සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය විපක්ෂ දේශපාලන පක්ෂ රජයේ විදේශ ප්‍රතිපත්තිය ප්‍රශ්න කරමින් චෝදනා එල්ල කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාව පාකිස්තානය සමඟ පවතින ඉන්දුස් ජල ගිවිසුම අත්හිටුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් මීට පෙර දැඩි ප්‍රකාශ සිදුකර තිබූ මුසාදික් මලික් අද (20) උදෑසන නවදිල්ලියට පැමිණ තිබේ.

පාකිස්තාන ඇමතිවරයා දිල්ලියට පැමිණීමෙන් ඉන්දියාවේ දේශපාලන කරළිය උණුසුම් වෙයි | Pak Minister S Delhi Visit Sparks Political Row

සමාජවාදී පක්ෂයේ නායක ෆක්රුල් හසන් චාන්ද් ප්‍රකාශ කර ඇත්තේ භාරතීය ජනතා පක්ෂය (BJP) විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක පසුවන බවයි. “සාකච්ඡා සහ ත්‍රස්තවාදය එකවර පැවතිය නොහැකි බව BJP පක්ෂය නිතරම කියනවා.

නමුත් දැන් පාකිස්තාන ඇමතිවරයෙකු SCO රැස්වීමට සහභාගී වීමට ඉන්දියාවට පැමිණෙනවා” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.

කොංග්‍රස් පක්ෂයේ නායක සුරේන්ද්‍ර රාජ්පුත් ද මෙවැනිම අදහස් පළ කරමින් රජය සිය විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සම්මුතියකට පැමිණ ඇති බවට චෝදනා කර ඇත.

අගමැති නරේන්ද්‍ර මෝදි සහ BJP පක්ෂය මෙම කාරණය සම්බන්ධයෙන් ව්‍යාකූල බවත්, පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවසර දෙන අතරතුර පාකිස්තාන ඇමතිවරයෙකුට ඉන්දියාවට පැමිණීමට ඉඩ ලබාදීම පරස්පර විරෝධී බවත් ඔහු පවසා තිබේ.

එමෙන්ම, කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමෝද් තිවාරි සඳහන් කර ඇත්තේ ඉන්දුස් ජල ගිවිසුම අත්හිටුවීම සම්බන්ධයෙන් මුසාදික් මලික් මීට පෙර භාවිත කළ භාෂාව ඇමතිවරයෙකුට නොගැළපෙන බවයි.

ඉම්රාන් ඛාන්ගේ ජීවිතයට තර්ජනයක්? බන්ධනාගාරයේදී පීඩාවට ලක්වන බවට පුතුන්ගෙන් බරපතළ චෝදනා

ඉම්රාන් ඛාන්ගේ ජීවිතයට තර්ජනයක්? බන්ධනාගාරයේදී පීඩාවට ලක්වන බවට පුතුන්ගෙන් බරපතළ චෝදනා

එය ත්‍රස්තවාදීන් භාවිත කරන ආකාරයේ භාෂාවක් බවටද ඔහු චෝදනා කර තිබේ. NCP (SP) පක්ෂයේ නායක ක්ලයිඩ් ක්‍රැස්ටෝ ද පාකිස්තාන ඇමතිවරයෙකුට ඉන්දියාවට පැමිණීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් රජය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට චෝදනා කර ඇත.

කෙසේ වෙතත්, මුසාදික් මලික් සිය ඉන්දීය සංචාරය ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සඳහා සිදුකරන සංචාරයක් නොවන බව ප්‍රකාශ කර තිබේ.

2023 වසරේ ගෝවාහි පැවැති SCO රැස්වීමට බිලාවල් භූතෝ සර්දාරි සහභාගී වීමෙන් පසු පාකිස්තාන ෆෙඩරල් අමාත්‍යවරයෙකු ඉන්දියාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

එමෙන්ම, 2025 මැයි මාසයේදී සිදුවූ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දීය හමුදා ක්‍රියාමාර්ගයක් වූ ‘ඔපරේෂන් සින්දූර්’ ක්‍රියාත්මක වීමෙන් අනතුරුව පාකිස්තාන නායකයෙකු ඉන්දියාවට පැමිණි පළමු අවස්ථාවද මෙය වේ.

ෂෙයික් හසීනාගේ යළි පැමිණීමේ සැලසුමත් සමඟ රට පුරා ආරක්ෂාව තර කෙරේ

ෂෙයික් හසීනාගේ යළි පැමිණීමේ සැලසුමත් සමඟ රට පුරා ආරක්ෂාව තර කෙරේ

පසුගිය වසරේ පහල්ගම් ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව ඉන්දුස් ජල ගිවිසුම අත්හිටුවීමට පියවර ගත් අවස්ථාවේදී මුසාදික් මලික් ඊට විරෝධය පළ කර තිබිණි.

ජලය සම්බන්ධයෙන් ඉන්දියාව ආක්‍රමණශීලී ක්‍රියාමාර්ගයක් ගතහොත් ඊට දැඩි ප්‍රතිචාර දක්වන බවටද ඔහු අනතුරු අඟවා තිබුණේ, “අපේ ජලයට අත තබන ඕනෑම අයෙකුගේ අත් කපා දමනවා” යනුවෙන් ප්‍රකාශ කරමිනි.

මෙම SCO රැස්වීම සඳහා ඉන්දියාව මුලින්ම ඔක්තෝබර් මාසයේදී පාකිස්තානයේ ජාතික උරුම හා සංස්කෘතික කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය අවුරංග්සෙබ් ඛාන් කිචි වෙත ආරාධනා කර තිබූ අතර, පසුව ඔහු වෙනුවට මුසාදික් මලික් සහභාගී කරවීමට පාකිස්තානය නම් කර තිබේ.

ඉන්දියාවේ ප්‍රධාන SCO වැඩසටහනක් වන ‘Civilisational Dialogue Forum’ නොවැම්බර් 20 සිට 22 දක්වා පැවැත්වීමට නියමිත අතර, එහි සමාරම්භක අවස්ථාවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද සවස සහභාගී වීමට නියමිතය.

චීනය, රුසියාව, ඉන්දියාව, පාකිස්තානය, කසකස්තානය, කිර්ගිස්තානය, තජිකිස්තානය, උස්බෙකිස්තානය, ඉරානය සහ බෙලරුස් යන රටවල් 10 ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජිකත්වය දරයි.

ChatGPT Plus වසරක්ම නොමිලේ - මේ අවස්ථාවට අයදුම් කරන්න හිමිවන්නේ කාටද?

ChatGPT Plus වසරක්ම නොමිලේ - මේ අවස්ථාවට අයදුම් කරන්න හිමිවන්නේ කාටද?