වායු ගුණාත්මකභාවය පහළ යෑමත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක විශේෂ අවදානමක්
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ යාම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව උතුරු පළාතේ යාපනය, කිළිනොච්චි, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලත්, අනුරාධපුරය, පුත්තලම, ත්‍රිකුණාමලය, කොළඹ, මහනුවර සහ හලාවත ආශ්‍රිත ප්‍රදේශවලත් වාතයේ අවලම්බිත ක්ෂුද්‍ර අංශු ඉහළ යෑමක් වාර්තා වී ඇත.
මෙම තත්ත්වය සඳහා මෙරටට බැහැරින් හමා එන සුළං ධාරාවන් හේතු වී ඇති අතර, මෙරට වායු තත්ත්ව දර්ශකයට අනුව එය සුළු වශයෙන් අහිතකර මට්ටමක් ලෙස සැලකේ.
ඉදිරි දින කිහිපය තුළද මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකි බැවින් සංවේදී පුද්ගලයින්ට සෞඛ්‍ය බලපෑම් ඇතිවීමේ අවදානමක් පවතින බව එම අධිකාරිය පෙන්වා දෙයි.
ඒ අනුව, සංවේදී පුද්ගලයින් N95 වැනි මුඛ ආවරණ පැළඳීමටත්, සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර ඇති උපදෙස් පිළිපැදීමටත් කටයුතු කළ යුතු වේ.
අදාළ සෞඛ්‍ය උපදෙස් aq.cea.lk වෙබ් අඩවියේ පළ කර ඇති අතර, වායුගෝලීය තත්ත්වය පිළිබඳව අඛණ්ඩව පසුවිපරම් කරමින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.