ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායකගේ බාල සොහොයුරාගේ මළ සිරුර අතුරුගිරියේ නිවසකින් හමුවෙයි

Report

ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායක මහතාගේ බාල සොහොයුරාගේ මළ සිරුර අතුරුගිරිය, බොරළුගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී පසුගිය 18 වැනිදා සොයාගෙන තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ රත්නායක ආරච්චිලාගේ දොන් ප්‍රීමන් නමැති 65 හැවිරිදි පුද්ගලයෙකු බව අතුරුගිරිය පොලිසිය සඳහන් කරයි. වෘත්තියෙන් කැමරා ශිල්පියෙකු වන ඔහු අදාළ නිවසේ තනිවම ජීවත් වී ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පසුගිය 18 වැනිදා පස්වරුවේ ඔහු පදිංචිව සිටි නිවස දෙසින් දුර්ගන්ධයක් හමන බවට සැක කළ ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කර ඇත. ඒ අනුව පොලිසිය සිදුකළ පරීක්ෂාවකදී නිවස තුළ තිබී මළ සිරුර සොයාගෙන තිබේ.

මළ සිරුර සොයාගන්නා අවස්ථාව වන විට ඔහු මියගොස් දින දෙකක පමණ කාලයක් ගතවී තිබෙන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් තලංගම හදිසි මරණ පරීක්ෂිකා සහ සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය විසින් ස්ථානීය පරීක්ෂණය සිදුකර තිබේ.

කෙසේ වෙතත්, මරණයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 30න් පසු කාලය දීර්ඝ වනවාද?

2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 30න් පසු කාලය දීර්ඝ වනවාද?