ට්‍රම්ප්ගේ ප්‍රහාරයට රටවල් රැසකින් විරෝධය

Donald Trump Sinhala news Iran-Israel War Iran Nuclear Sites
By Hashini Jun 22, 2025 06:06 AM GMT
Hashini

Hashini

Report

අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය හෙළා දකිමින් විදෙස් රටවල් කිහිපයක් හෙළා දැක තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රහාරය හෙළා දකිමින් ඇතැම් රාජ්‍ය නායකයින් අනතුරු ඇඟවීමක් මෙන්ම තවත් නායකයින් සාමයද ඉල්ලා ඇති බවයි.

අමෙරිකාව සිදුකළ මෙම ප්‍රහාරය කියුබාව, චිලී රාජ්‍යය, වෙනිසියුලාව, කොලොම්බියාව, මෙක්සිකෝව ඇතුළු රටවල් කිහිපයක් විසින් දැනටමත් හෙළා දැක තිබෙනවා.

ඉරානයේ රැඳී සිටින ලාංකිකයන් ගැන අමාත්‍යාංශයෙන් හෙළිදරව්වක්

ඉරානයේ රැඳී සිටින ලාංකිකයන් ගැන අමාත්‍යාංශයෙන් හෙළිදරව්වක්

ප්‍රහාරය හෙළා දකිමින් එම රටවල් පෙන්වා දී ඇත්තේ මැදපෙරදිග ගැටුම භයානක ලෙස උත්සන්න කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයා උත්සාහ ගත් බවත් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එක්සත් ජනපද බෝම්බ හෙළිම හෙළා දකින බවත්ය.

එම රටවල් චෝදනා කර ඇත්තේ මෙම ප්‍රහාර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කර ඇතැයිද එය ආපසු හැරවිය නොහැකි ප්‍රතිවිපාක සහිත අර්බුදයකට මනුෂ්‍යත්වය ඇද දමන බවයි.

එසේම ඉරානයට එල්ල කළ ප්‍රහාරයට ට්‍රම්ප්ට අමෙරිකාවෙන්ම විරෝධයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සෑම ඇමරිකානුවෙකුම දැන් ටෙහෙරානයේ නීත්‍යානුකූල ඉලක්කයකි – ඉරානයෙන් දැඩි අනතුරු සංඥාවක්

සෑම ඇමරිකානුවෙකුම දැන් ටෙහෙරානයේ නීත්‍යානුකූල ඉලක්කයකි – ඉරානයෙන් දැඩි අනතුරු සංඥාවක්

අමෙරිකාවේ ඇතැම් ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් මෙම ප්‍රහාරය හෙළා දැක ඇති අතර ඔවුන් චෝදනා කර ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයා කොංග්‍රස් අනුමැතියකින් තොරව මෙම ප්‍රහාර සිදු කර ඇති බවය.

කොංග්‍රස් සභික ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ පවසා ඇත්තේ මෙය අමෙරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ කොංග්‍රස් යුද බලතල බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන බවත් දෝෂාභියෝගයකට සම්පූර්ණයෙන්ම සහ පැහැදිලි හේතුවක් ද වන බවය‍.

තවද අමෙරිකානු ජනාධිපතිවරයා අවේගශීලිව අමෙරිකාව පරම්පරා ගණනාවක් උගුලට හසුකර ගත හැකි යුද්ධයක් දියත් කිරීමේ අවදානමක් ගෙන ඇති බවද ඇය සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.

ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඉහල යන තෙල් මිල

ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඉහල යන තෙල් මිල

ඇය චෝදනා කරන්නේ ට්‍රම්ප් ප්‍රහාරයට පෙර කොංග්‍රස් මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගත යුතු වුවද කිසිදු අනුමැතියකින් තොරව සිදුකළ මෙම ප්‍රහාරය මැදපෙරදිග යුද්ධයකට අමෙරිකාව ඇද දැමූ බවය.

මේ අතර අමෙරිකානු කොංග්‍රස් සභික රෂිඩා ට්ලයිබ් ද අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ට්‍රම්ප් විසින් උල්ලංඝනය කර ඇති බවත් මේ සම්බන්ධව වහාම මැදිහත් වන ලෙසත් කොංග්‍රසයෙන් ඉල්ලා ඇති බවද වාර්තා වනවා.

ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක්

ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක්

එමෙන්ම ඩිමොක්‍රටික් පක්ෂයද මේ සම්බන්ධව අදහස් දක්වමින් පවසා ඇත්තේ එක්සත් ජනපදය අනවශ්‍ය ගැටුමකට ඇද නොදැමීම සඳහා කොංග්‍රසය ඉදිරියට ගොස් ට්‍රම්ප්ගේ අරමුණු සහ සැලසුම් පැහැදිලි කළ යුතු බවය.

නමුත් ශ්‍රී ලංකාව මේ වනතෙක් ට්‍රම්ප්ගේ ප්‍රහාරයන් සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත් වාර්තා වනවා.

ඉරානයෙන් නැවතත් ඊශ්‍රායලයට ප්‍රහාරයක් මේ අවසානයද ?

ඉරානයෙන් නැවතත් ඊශ්‍රායලයට ප්‍රහාරයක් මේ අවසානයද ?

ReeCha