ඉරානයේ රැඳී සිටින ලාංකිකයන් ගැන අමාත්‍යාංශයෙන් හෙළිදරව්වක්

Report

මැද පෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධව තොරතුරු විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකු සිටි බවත් ඉන් සිව් දෙනෙකු මේ වන විට රටින් පිටව ගොස් ඇති බවය.

සටනට එක්වන හූතිවරු අනතුරු අගවන යේමනය

සටනට එක්වන හූතිවරු අනතුරු අගවන යේමනය

අමාත්‍යාංශය සඳහන් කළේ මේ වන විට ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 37 දෙනෙකු සිටින බවය.

මෙම රැඳී සිටින පිරිස අතරට ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් 05 දෙනෙකුද අයත් බවයි අමාත්‍යාංශය පැවසුවේ.

මේ අතර මෙම රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් සිව් දෙනෙකු හෙට (23) දිනයේදී තුර්කි දේශසීමාව හරහා පිටත්වීමට නියමිත බවත් අමාත්‍යංශය සඳහන් කරනවා.

මදුසමයට බාධාවක් කියා දරුවන් මරා දැමු මව

මදුසමයට බාධාවක් කියා දරුවන් මරා දැමු මව

පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙකු පමණ රැඳි සිටින බවය.

ඉන් 8 දෙනෙකු ඉරාන ජාතිකයින් සමග විවාහ වී සිටින බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා.

මරණට බය නැති අයතුල්ලා කමේනි අවසන් සටනට ලෑස්තිලු - තමන් මැරුණොත් නව නායකයන් නම් කරති

මරණට බය නැති අයතුල්ලා කමේනි අවසන් සටනට ලෑස්තිලු - තමන් මැරුණොත් නව නායකයන් නම් කරති