හදිසි අනතුරු ඇඟවීමක් - ශීත කාලගුණයත් එක්ක අලුත්ම වෛරස් රෝගයක්..

Report

පවතින ශීතල හා වියළි කාලගුණ තත්ත්වයත් සමඟ වෛරස් රෝග කිහිපයක ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ගම්පහ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රවීන්ද උඩගමගේ මහතා සඳහන් කළේ, මෙම රෝග බොහෝ දුරට කුඩා දරුවන් අතර දක්නට ලැබෙන බවයි.

“මේ දවස්වල පවතින ශීත වියළි කාලගුණයත් සමඟ වෛරස් රෝග කිහිපයක පැතිරීම වැඩි වෙන්න පුළුවන්. අපේ ශ්වසන මාර්ගයේ ඉහළ කොටසට අදාළව තමයි මේ වෛරස් බොහෝ දුරට බලපෑමක් ඇති කරන්නේ. සාමාන්‍යයෙන් මේ වෛරස් රෝග පෙර පාසල් වයසේ පසුවන කුඩා දරුවන් අතර බහුලව පැතිරෙන්න පුළුවන්. උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, අධික හිසරදය, මාංශපේශී වේදනාව, වමනය, පාචනය වැනි රෝග ලක්ෂණ මෙහිදී ඇති වෙන්න පුළුවන්. ඔබට දින තුනකට වඩා මේ රෝග ලක්ෂණ පවතිනවා නම්, ඒ වගේම හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවා නම් ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි”  

විෂ මත්ද්‍රව්‍ය ගැන දන්නවනම් දැන්ම දැනුම් දෙන්න - නව දුරකථන අංක ටික මෙන්න

විෂ මත්ද්‍රව්‍ය ගැන දන්නවනම් දැන්ම දැනුම් දෙන්න - නව දුරකථන අංක ටික මෙන්න

මේ අතර මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළේ, මේ දිනවල වායු ගුණාත්මකභාවය පහළ මට්ටමක පවතින බවත්, ඉදිරි දින දෙක තුළ මෙම තත්ත්වය පහව යනු ඇති බවත්ය.

සෞඛ්‍ය අංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, රෝග ලක්ෂණ දක්නට ලැබුණහොත් ස්වයං ප්‍රතිකාර කිරීමෙන් වැළකී, වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසත්, ළමුන්ගේ සෞඛ්‍යය විශේෂයෙන් ආරක්ෂා කරගන්නා ලෙසත්ය. විශේෂයෙන්ම උණ, කැස්ස හෝ හුස්ම ගැනීමේ අපහසුතා ඇති දරුවන් ඉක්මනින් රෝහලකට ගෙන ඒමට කටයුතු කරන ලෙසත් අනතුරු ඇඟවේ.

රන් ගැනුම්කරුවන්ට අලුත් අභියෝගයක් - රත්‍රන් මිල ඉතිහාසගත ඉහළට

රන් ගැනුම්කරුවන්ට අලුත් අභියෝගයක් - රත්‍රන් මිල ඉතිහාසගත ඉහළට