හෝමාගම ප්‍රා.සභාව උණුසුම් වෙයි

Report

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව හෝමගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරනු ලබන සභිකයින් පිරිසක් අද (20) කලු පටි පැළද විරෝධතාවක නිරත වී තිබේ.

  හෝමගම සතිපොල අසලට රැස් වූ එම පිරිස එම ස්ථානයේ සිට කලු පටි පැළද විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් හෝමගම ප්‍රාදේශීය සභාව දක්වා පාගමනින් පැමිණ ඇති අතර සභා රැස්වීම ශාලාව වෙත ද පැමිණ එහිදී ද විරෝධතා පාඨ කියමින් සිය විරෝධය දක්වා ඇත.

  සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්වජන බලය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සභිකයින් පිරිසක් මෙම විරෝධතාව සදහා එක්ව තිබේ.

නව ත්‍රස්ත පනතට 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානයෙන් දැඩි විරෝධයක්

නව ත්‍රස්ත පනතට 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානයෙන් දැඩි විරෝධයක්