ජින්තුපිටියේ වෙඩිතැබීම අතරතුර ළමයි දෙදෙනෙකුටත් වැදිලා - සියල්ල CCTV කැමරාවේ [VIDEO]
By Shehan
කොළඹ වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු 44ක පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මෙම වෙඩි තැබීම අතරතුර කුඩා පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු යන දරුවන් දෙදෙනාටද වෙඩි වැදී තිබෙන අතර, ඔවුන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇත.
සිදුවීම ජින්තුපිටිය 125 වත්ත නම් කොටසේදී සිදුව ඇති අතර, ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර යන අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටී.