සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සැකකරු අත්අඩංගුවට - පාරේ යන ගමන් හම්බෙන වාහනවලට මිනිස්සු කෑගහද්දි කරපු දේ[VIDEO]
යතුරුපැදිකරුවෙකු විසින් ඔහු අත තිබූ ආයුධයක් වැනි උපකරණයක් භාවිතයෙන් බත්තරමුල්ල, දියත උයන ආසන්නයේ දී ධාවනය වෙමින් තිබූ වාහන කිහිපයකට පහරදෙන ආකාරය දැක්වෙන විඩීයෝවක් මේ වන විට සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
ඒ අනුව මෙය ඊයේ (12) සවස සිදුවී තිබෙන අතර, වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් එසේ පහරදුන් සැකකාර යතුරුපැදිකරුව හඹාගොස් සුළු කාලයක් තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේ වෙතත් අඳාළ සැකකරු විසින් වාහන 4කට පමණ අලාභ හානි සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 29 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද (13) දින ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.
මේ අතර සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන වැලිකඩ පොලිස් ස්ථානය විසින් සිදුකරයි.
අගමැතිනිගේ ලිංගික කැමැත්තට මඩ ගැසීම මොන නීතියක්ද ලංකාවේ, මේ විදියට පහත් විදියට හැසිරෙන්නෙ - CID පැමිණිල්ලක්
වීඩියෝ දර්ශන උපුටා දක්වා ඇත.