ග්‍රීන්ලන්තය රකින යුරෝපා රටවලට බදු පිටින් බදු - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීම්
ග්‍රීන්ලන්තයේ පාලනය ලබාගැනීමට තමන් ඉදිරිපත් කළ ඉල්ලීමට විරුද්ධ වන යුරෝපීය රටවල් සඳහා සියයට සියයක තීරුබදු පැනවීමට සූදානම් බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර තිබේ.
පෙබරවාරි මස පළමුවැනිදා සිට මෙම තීරුබදු ක්‍රියාත්මක කරන බව ද ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර ඇති අතර, මෙම පියවර ග්‍රීන්ලන්තයේ සෛවරීභාවය ආරක්ෂා කිරීමට විරුද්ධ වන රටවල් සඳහා ආර්ථික පීඩනයක් එල්ල කිරීමේ අරමුණින් ගන්නා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර ග්‍රීන්ලන්තයේ අනාගතය තීරණය කළ යුත්තේ එරට වැසියන් සහ ඩෙන්මාර්ක රජය පමණක් බව එක්සත් රාජධානියේ විදේශ ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ. එමෙන්ම ඩෙන්මාර්ක විදේශ ලේකම්වරයා අවධාරණය කර ඇත්තේ, ග්‍රීන්ලන්තයේ සෛවරීභාවයට අමෙරිකානු ජනාධිපතිවරයාට බලපෑම් කළ නොහැකි බවයි.
ග්‍රීන්ලන්තයේ පාලනය ලබාගැනීමට එක්සත් ජනපදය ඉදිරිපත් කළ ඉල්ලීමට බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපීය රටවල් 7ක් මේ වන විට දැඩි විරෝධය පළකර ඇති අතර, මෙම සිදුවීම ජාත්‍යන්තර සබඳතාවන්හි නව ආතතියක් ඇති කර ඇති බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
එක්සත් ජනපදයේ මෙම පියවර ග්‍රීන්ලන්තයේ ආරක්ෂාව සහ ආර්ථික ස්ථාවරත්වය සඳහා අත්‍යවශ්‍ය බව ජනාධිපති ට්‍රම්ප්ගේ පාර්ශ්වය ප්‍රකාශ කර ඇති අතර, යුරෝපීය රටවල් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම තුළින් තමන්ට බලපෑම් එල්ල කරන බව ද ඔහුගේ මතයයි.
මෙම සිදුවීම් හමුවේ යුරෝපීය සංගමයේ රැස්වීම් කිහිපයක් කැඳවීමට ද සැලසුම් කර ඇති බව වාර්තා වේ.