පාසල් පළමු වාරය ගැන විශේෂ දැනුම්දීමක්

Report

රජයේ පාසල් හෙට (21) සිට යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඒ අනුව 2026 පාසල් පළමු වාරයේ පළමු අදියර ජනවාරි 21 සිට පෙබරවාරි 13 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

පෙබරවාරි 14 සිට මාර්තු 02 වැනිදා දක්වා සිසුන්ට නිවාඩු කාලයක් හිමිවේ.

පළමු වාරයේ දෙවන අදියර මාර්තු 03 සිට අප්‍රේල් 10 වැනිදා දක්වා පැවැත්වෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

සාමාන්‍ය පෙළ හා රාමසාන් හේතුවෙන් යලි පාසල් වැසෙයි

සාමාන්‍ය පෙළ හා රාමසාන් හේතුවෙන් යලි පාසල් වැසෙයි

මෙම කාලසටහන රජයේ පාසල්වලට පමණක් අදාළ වන අතර, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වලට එය බලපෑම් නොකරන බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

පාසල් ආරම්භයත් සමඟ සිසුන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය ආරක්ෂණය සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, දෙමාපියන්ගෙන් සහයෝගය ලබාදෙන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

විෂ මත්ද්‍රව්‍ය ගැන දන්නවනම් දැන්ම දැනුම් දෙන්න - නව දුරකථන අංක ටික මෙන්න

විෂ මත්ද්‍රව්‍ය ගැන දන්නවනම් දැන්ම දැනුම් දෙන්න - නව දුරකථන අංක ටික මෙන්න

හදිසි අනතුරු ඇඟවීමක් - ශීත කාලගුණයත් එක්ක අලුත්ම වෛරස් රෝගයක්..

හදිසි අනතුරු ඇඟවීමක් - ශීත කාලගුණයත් එක්ක අලුත්ම වෛරස් රෝගයක්..