කම්කරු නීතිය වෙනස් වෙයි.
Manusha Nanayakkara
Sri Lanka Politician
Sri Lanka
By krishani
නව කම්කරු නීතිය යටතේ පාරිතෝෂික ගෙවීමේ දී දින 180ක් සේවය කරන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස භාගයක පාරිතෝෂිකයක් ගෙවිය යුතු බවට වන නීතියක් සකස් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සඳහන් කර සිටියේ ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, දැනට පවතින අවුරුදු 05ක සේවා කාලය සහ සේවකයින් 15 ක් සිටීමේ සීමාව ඉවත් කිරීමට ද එමගින් පියවරගන්නා බවයි.
කෙසේවෙතත් ඊයේ(06) නවීන වැඩ ලෝකයට ගැලපෙන පරිදි කම්කරු නීති පද්ධතියක් සඳහා වන දළ පනත් කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කෙරිණ.