විදේශ රැකියා වංචා ගැන ඇමති කීව කතාව..

Manusha Nanayakkara Sri Lanka
By krishani Sep 18, 2022 01:44 AM GMT
krishani

krishani

Report

පෝලන්තය, රුමේනියාව, ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය, මැලේසියාව සහ මාලදිවයින වැනි රටවල රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කරන පුද්ගලයන්ට හසු නොවන ලෙස විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ජනතාවට දැනුම් දේ.

වර්තමානයේ රට තුල ඇති තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් විදේශ රැකියා සඳහා යාමට උනන්දුවක් දක්වන බැවින් විදේශ රැකියා ලබාදෙන බවට සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි වල දැන්වීම් පළ කරමින් මුදල් වංචා කරන්නන් සම්බන්ධයෙන් පැමිණිලි ලැබීම දිනෙන් දින ඉහළ ගොස් ඇත.

ඒ හේතුවෙන් විදේශ රැකියා සඳහා විදේශ ගමන් බලපත්‍ර හෝ මුදල් ලබාදීමට පෙර අදාළ ආයතන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලපත්‍ර හිමි නිත්‍යානුකූල ආයතන දැයි සොයා බලන ලෙස අමාත්‍යවරයා අවධාරණය කරයි.